(සුජිත් හේවාජුලිගේ)

ජල බිල්පත් නොගෙවා පැහැර හැර සිටින හිටපු මැති ඇමතිවරුන් සහ දැනට සිටින මැති ඇමැතිවරුන් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ලබන සතියේ දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ජල බිල්පත් ගෙවිම පැහැර හැරි මැති ඇමැතිවරුන් හතළිස් පස් දෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

මේ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජල සම්පත් මණ්ඩලය දැනටමත් තීරණය කර ඇත. ඒ අමාත්‍යවරයාගේ නියමයක් අනුවය.