(අංජුල මහික වීරරත්න)
ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකාර යාන්ත්‍රණය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පසුගිය දශකය පුරා පැවැති උග්‍ර දේශගුණික විපර්යාස තත්ත්වයන් හේතුවෙන් මේ වන විට ලෝකයේ දේශගුණික විපර්යාස සඳහා වැඩියෙන්ම පීඩා විඳින රටවල් අයත් කාණ්ඩයට ශ්‍රී ලංකාව ද ඇතුළත් ව ඇත.
මෙම තත්වය හමුවේ ක්‍රමිකව දිවයිනේ වියළි ප්‍රදේශ වලට මෝසම් වර්ෂාව මගින් ලැබෙන වර්ෂාපතනය අඩු වීමත් සමග ම තෙත් කලාපයට ලැබෙන වර්ෂාව වැඩි වීමේ ප්‍රවණතාවයක් නිසා අනපේක්ෂිත ලෙස දැඩි නියං තත්ත්වයන් මෙන්ම ගංවතුර තත්වයන්ට ද මුහුණ දීමට සිදුව ඇතැයි හඳුනාගෙන ඇත.
පාලනය කළ නොහැකි අයුරින් නිර්මාණය වන එවැනි දේශගුණික විපර්යාස පසුබිමක් යටතේ පානීය ,වාරි ,බලශක්ති සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් මෙරට සතු සීමිත ජලය සම්පත ප්‍රශස්ත අයුරින් කළමනාකරණය කිරීම අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වෙමින් තිබෙන බැවින් වඩාත් ප්‍රායෝගික ජල සම්පත් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇතැයි රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුර ලැබෙන වැසිජලය කලමණාකරණය කරගන්න ක්‍රමවේදයක් වෙනුවට තියෙන ටිකම එහෙට මෙහෙට කරන එක නම් මේ සැලසුම, පුස්ස බින්ඳා වගේ තමයි...
ඕක ඔච්චර ලොකු බිල්ලෙක් නොවේ. වැව් ටික හාරපල්ලා. වහින කාලෙට කැළණි ගඟේම වතුර කොච්චර මුහුදට යනවාද? පුරන් වුණු කුඹුරු ටිකට වතුර පුරෝලා වැව් කරලා, උඩරට කඳුවල තියන පයිනස් ගස් අයින් කරලා ස්වභාවික වනාන්තර කලා නම් ඔය ප්‍රශ්නේ විසඳනවා. අනුරාධපුර, පොලොන්නරු යුගවල අද වගේ කීප ගුණයක ජනගහනයක් ඉඳලා තියනවා. ඒ කාලේ හදපු වැව් ටික නිවැරදිව උත්සව කළා නම් හරි... ඒ කෙසේවෙතත් ජල කළමනාකරණය කියලා double game ගහන එක නම් අනුමත කරන්න බෑ.
"ජාතික ප්‍රතිපත්තියක් " ? ලංකාවේ එහෙම එකක් ගැන ඇහුවමයි