IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජලය සුරකින්න ජාතික ප්‍රතිපත්තියක්

(අංජුල මහික වීරරත්න)

ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකාර යාන්ත්‍රණය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පසුගිය දශකය පුරා පැවැති උග්‍ර දේශගුණික විපර්යාස තත්ත්වයන් හේතුවෙන් මේ වන විට ලෝකයේ දේශගුණික විපර්යාස සඳහා වැඩියෙන්ම පීඩා විඳින රටවල් අයත් කාණ්ඩයට ශ්‍රී ලංකාව ද ඇතුළත් ව ඇත.

මෙම තත්වය හමුවේ ක්‍රමිකව දිවයිනේ වියළි ප්‍රදේශ වලට මෝසම් වර්ෂාව මගින් ලැබෙන වර්ෂාපතනය අඩු වීමත් සමග ම තෙත් කලාපයට ලැබෙන වර්ෂාව වැඩි වීමේ ප්‍රවණතාවයක් නිසා අනපේක්ෂිත ලෙස දැඩි නියං තත්ත්වයන් මෙන්ම ගංවතුර තත්වයන්ට ද මුහුණ දීමට සිදුව ඇතැයි හඳුනාගෙන ඇත.

පාලනය කළ නොහැකි අයුරින් නිර්මාණය වන එවැනි දේශගුණික විපර්යාස පසුබිමක් යටතේ පානීය ,වාරි ,බලශක්ති සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් මෙරට සතු සීමිත ජලය සම්පත ප්‍රශස්ත අයුරින් කළමනාකරණය කිරීම අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වෙමින් තිබෙන බැවින් වඩාත් ප්‍රායෝගික ජල සම්පත් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇතැයි රජය පවසයි.

 



අදහස් (3)

ජලය සුරකින්න ජාතික ප්‍රතිපත්තියක්

කිරිපුා Tuesday, 11 July 2023 06:50 PM

වැඩිපුර ලැබෙන වැසිජලය කලමණාකරණය කරගන්න ක්‍රමවේදයක් වෙනුවට තියෙන ටිකම එහෙට මෙහෙට කරන එක නම් මේ සැලසුම, පුස්ස බින්ඳා වගේ තමයි...

:       0       0

සල්ලි Wednesday, 12 July 2023 07:18 AM

ඕක ඔච්චර ලොකු බිල්ලෙක් නොවේ. වැව් ටික හාරපල්ලා. වහින කාලෙට කැළණි ගඟේම වතුර කොච්චර මුහුදට යනවාද? පුරන් වුණු කුඹුරු ටිකට වතුර පුරෝලා වැව් කරලා, උඩරට කඳුවල තියන පයිනස් ගස් අයින් කරලා ස්වභාවික වනාන්තර කලා නම් ඔය ප්‍රශ්නේ විසඳනවා. අනුරාධපුර, පොලොන්නරු යුගවල අද වගේ කීප ගුණයක ජනගහනයක් ඉඳලා තියනවා. ඒ කාලේ හදපු වැව් ටික නිවැරදිව උත්සව කළා නම් හරි... ඒ කෙසේවෙතත් ජල කළමනාකරණය කියලා double game ගහන එක නම් අනුමත කරන්න බෑ.

:       0       0

Perera Wednesday, 12 July 2023 10:52 AM

"ජාතික ප්‍රතිපත්තියක් " ? ලංකාවේ එහෙම එකක් ගැන ඇහුවමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site