(සුජිත් හේවාජුලිගේ )
ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සංචරණ සීමා පැනවීම නිසා පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට අපහසුතා පැන නැගී ඇති හෙයින් ඒ තත්වය සැලකිල්ලට ගෙන මෙම සහනය ලබාදෙන බවද ඇමැතිවරයා කීය.
"සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා.මාසයක් වගේ. ජල බිල්පත් කියවීමටත් අපහසුතා ඇති වී තිබෙනවා " යැයි නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය ..
කොරෝනා රෝගීන් ගේ ආශ්‍රිතයන්වී නිරෝධායනය වන පවුල් සඳහාද ජල බිල්පත වෙනුවෙන් සහනයක් ලබා දීමට ඇමතිවරයා මෙයට පෙර තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැහුවේ අපි නෙමෙයි.. වහපු අයම බිල් ගැන බලාගන්න. අපිට සල්ලි නැහැ ගෙවන්න...
මෙවැනි ජනතාව ගැන හිතන රජයක් පත්වුණේ ගොඩ කාලෙකින්. වතුර නම් මොකද ගංවතුරත් තියෙන්නේ.
මම හිතුවා මාසයක් නිකන් දෙනවා කියලා... ගෙවන්න මාසයක් කල් දෙනවා...!!!