(නිමල් ජයරත්න)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය කරපොල විල්ලුවට නුදුරින් අද අලුයම නිධන් හාරමින් සිටි තිදෙනකු, අත්ටැක්ටර්යක් ජෙනරේටරයක්, ඇතුළු නිධන් හැරීමට යොදා ගත් භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් මනම්පිටිය, අරලගංවිල, ගල්ලෑල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී පැවසීය.

සැකකරුවන් සතුව තිබූ විශාල විදුලි ජනක යන්ත්‍රයක්, අත්ටැක්ටරයක්, යකඩඉනි, සවල්, මල් පහන්, ඇතුළු පූජා භාණ්ඩ, ගල් විදින කුරු, ඇතුළු උපකරණ රැසක් අඩංගුඅඩංගුවට ගත් බවද විජේකෝන් මහතා පැවසීය.