(සුජිත් හේවාජුලිගේ )

වාරිමාර්ග  අමාත්‍යාංශය  භූගත ජලයේ රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා  ආරක්ෂණ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘති යටතේ මිලදීගත්  උපකරණ කිහිපයක්  ඒවා මිලදී ගත්දා සිටම අක්‍රීයව පැවතීම නිසා රුපියල් කෝටි තුනකට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම උපකරණ වගකීම් කාලයේදී  අදාල සැපයුම්කාර සමාගමට බාරදී  පිළිසකර කිරීමටද පියවර ගෙන නොතිබුණු බව  සඳහන් කරන එම කාර්යාලය  ඊට වගකිවයුතු නිලධාරින්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද  සඳහන් කරයි.

මෙම උපකරණ මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය.

බැර ලෝහ  විශ්ලේෂණයට සහ උතුරු මැද උතුරුමැද පළාතේ වකුගඩු ගැටලු සම්බන්ධ ජල සාම්පල විශ්ලේෂණ කටයුතු සඳහා 2018 වර්ෂයේදී  වේලි ආරක්ෂණ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘති යටතේ රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කර රසායනාගාරයක් ඉදිකර ඊට රුපියල් කෝටි නවයකට වැඩි වටිනා උපකරණද මිලදී ගෙන ඇති බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.