(සුජිත් හේවාජුලිගේ )
ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය 2022 වර්ෂයේදී රුපියල් කෝටි 320ක පාඩුවක් ලබා තිබියදී එහි සේවකයන්ට ඵලදායිතා දිරි දීමනාව ලෙස රුපියල් කෝටි 27ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ රජය සතු ව්‍යවසායන් සඳහාවූ මෙහෙයුම් අත්පොතේ ඡේද අංක 5.1 අනුව ප්‍රසාද දීමනා හෝ දිරිදීමනා ගෙවිය යුත්තේ ඒකාබද්ධ අරමුදලට බදු සහ ලාභය බෙදා හැරීමෙන් පසුව පමණක් බව සඳහන් වන නමුත් ඊට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම දිරි දීමනාව ගෙවා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර අධ්‍යන නිවාඩුව අවසන් වීමෙන් පසු මණ්ඩලයට අඛණ්ඩව සේවය සැපයීමට නොහැකි වූ නිලධාරීන්ගෙන් ඔවුනගේ ශිෂ්‍යත්ව සඳහා කරන ලද වියදම් වල වටිනාකම මණ්ඩලයට ගෙවා නොතිබූ බවද වාර්තාව සඳහන් කරයි.
එම වියදම් වල වටිනාකම රුපියල් දෙකෝටිය ඉක්මවා ඇත.
තවද පසුගිය 2021 සහ 2012 වර්ෂ වල කොන්ත්‍රාත් පදනම මත සේවකයන් එකසිය හැත්තෑ හයක් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන නොතිබූ අතර එම සේවකයන් සඳහා 2022 ජුලි මස 31 වැනිදා දක්වා වැටුප් හා දීමනා වශයෙන් කෝටි විසි එකකට වැඩි මුදලක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සිදුකළ සහ ආකාර්යක්ෂම පාලනයක් කළ නිලධාරීන්ට දඬුවමක් නැද්ද? ඔවුන් තවමත් සේවයේ පිහිටුවා තිබීම ප්‍රශ්නයක්...!
මේ රට කන්නේ දේශපාලකයෝ විතරක්ම නෙවෙයි. රජයේ නිලධාරිනුත් කනවා හොඳට...