IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජල මණ්ඩලයෙ අත යට සීතල ගේමක්

(යොහාන් භාසුර)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාගම්වලින් සේවකයන් ගන්නා බව පවසමින් මුදල් වංචාවක් වන බව එම මණ්ඩලයේ සේවකයෝ පවසති.

කොළඹ දිස්ත්‍රිකය ඇතුළු දිස්ත්‍රික්ක රැසක වැඩභාර නිලධාරීන්ගේ කාර්යාල කීපයකම ප්‍රධානීන් සේවකයන් දෙදෙනා බැගින් පෞද්ගලික සමාගම්වලින් බඳවාගත්තේ යැයි පවසමින් ඔවුන්ට හිතවත් පුද්ගලයන්ගේ නම් එම මණ්ඩලයට යොමුකර වැටුප් ගන්නා බවත් ඇතැම් වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලවලින් වසර දෙක තුන එවැනි දීර්ඝ කාලයක සිට මෙම වංචා ආකාරයට මුදල් ගන්නා බවත් සේවකයෝ කියති.

කොළඹ නගරයේ වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලයක් එය පාලනය කරන ප්‍රාදේශීය ලොක්කෙකුගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම වංචාව ක්‍රියාත්මක කරන බව කී සේවකයෝ එම සාමූහික වංචාවක් හැටියට ක්‍රියාත්මක වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි වංචාවක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවත් එය ජල සම්පාදනය මණ්ඩලයේ විමර්ෂණ අංශයට යොමුකළ හැකි බවත්ය.

 



අදහස් (0)

ජල මණ්ඩලයෙ අත යට සීතල ගේමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site