IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජල නළය අලුත්වැඩියා කරන්න ගිය දරුවා ඇළට වැටිලා

(රංජිත් රාජපක්ෂ)

තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නළය අළුත්වැඩියා කිරිම සදහා  නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් පිහිටි ඇළ මාර්ටගයකට ගිය 15 හැවිරිදි සිසුවකුගේ සිරුර එම ඇළ පාවෙමින් තිබියදී සොයාගත් බව නිවලපිටිය පොලිසිය කියයි.

නිවෙසට ජලය ලබාගැනීමට ඇති නළය අලුත්වැඩියාව සඳහා තනිව ගොස් ඇති අතර, පසුව එම සිසුවා නොපැමිණි නිසා එම සිසුවාගේ මව සහ සහෝදරයකු ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටි මියගොස්ව සිටි බවට මිය ගිය සිසුවාගේ මව  නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි හරංගල ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අශේන් මින්සර 15 හැවිරිදි සිසුවෙකි.

ඇළ මාර්ගයේ සිසුවා වැටි සිටින අයුරු දුටු සිසුවාගේ මව ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිසුවා රැගෙන ගොස් ඇති අතර ඒ විටත් මියගොස් සිටි බවයි නාවලපිටිය රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් හරස් කරමින් මිය ගිය සිසුවාගේ නිවසට ජල නළ උපයෝගි කරගෙන පානිය ජලය ලබාගෙන ඇති බවත්,පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසට ජලය නොපැමිණි නිසා ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ තිබු ගලක ලිස්සා වැටි ඇළට වැටි මියගියේ දැයි යන්න පිළිබඳව  නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.  



අදහස් (0)

ජල නළය අලුත්වැඩියා කරන්න ගිය දරුවා ඇළට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 434 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site