IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ජල ගාස්තුව සියයට 106 කින් ඉහළට

(යොහාන් භාසුර)

මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 62 ක් මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන ජල ගාස්තු සංශෝධනයේදී වතු නිවාසවල ජනතාව සහ සමෘද්ධිලාභීන්ට සහන ලැබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

රුපියල් 812 ක්ව පැවති මසකට ඒකක 15 කට අඩු පාරිභෝගියන්ගේ ජල ගාස්තුව මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1,700 ක් බවට පත්ව සියයට 106 කින් ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (8)

ජල ගාස්තුව සියයට 106 කින් ඉහළට

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 August 2023 03:20 PM

වාතය ජලය ආදී දේ මිනිසාගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ස්වභාව ධර්මයෙන් ලැබෙනා දේවල්.ඒ ජලය බෙහෙත් ටිකක් දමා බෙදාහැරීම කොට දැරිය නොහැකි බිලක් අයකිරීම අපරාධයක්.ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙනා ජලය මිසක් මේ ජලය මේ රටේ ජලසම්පාදන මණ්ඩලය නිපදවන දෙයක් නොවේ.ජනතාවට අයිති ජලය තමයි ඔවුන් මේ අධික මිලකට අලෙවි කිරීම සිදුකරන්නේ.බෙහෙත් නඩත්තු හා සේවක වියදම් ලෙස යම් ප්‍රමාණයක මුදලක් අයකර අඩු බිලක් ගෙන ජලය සැපයීම සිදුකළ හැකි වුවත් මේ සිදුකරන්නේ ජනතාව ගසා කෑමකි.මේ ගැන මානව හිමිකම් අංශ වල අවධානය යොමු වේවා ..

:       2       43

namal Thursday, 03 August 2023 03:52 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       1

ranjith Thursday, 03 August 2023 04:28 PM

දැන් නම් මැතිවරනයක් ලංවෙනව නම් හොදා. ජනතව මත මෙ තරම් බර පටවන ආන්ඩුව ගෙදර යවන්න

:       0       24

Nimesh Thursday, 03 August 2023 04:53 PM

ඕක කරන්න කලින්ම මම කිව්ව විදුලිබිල වගේම රනිල්ගේ පන්තියේ අයට කිසිම වෙනසක් නැතිවෙන්න පොඩි මිනිහාටම තමයි වැඩි කරන්නේ කියලා. නිවටයින් වගේ දිගටම ඉන්නකන් රනිල් හාමු පොඩි මිනිහාටම ජීවත්වෙන එක බැරි කරයි ...

:       0       0

බණ්ඩාර Thursday, 03 August 2023 06:47 PM

මම නම් කියන්නේ ඒකක කීයද කියන එක නෙමෙයි..., මේක මානව අයිතීන් උල්ලංඝනයක්...!

:       0       0

Prageeth Thursday, 03 August 2023 11:00 PM

අස්වැස්ම වගේ දේවල් නිකන් ඉන්න අයට දෙන්නේ මේ රටේ මධ්‍යම පන්තියේ මනුස්සයින්ගේ බෙල්ල මිරිකලා. ඡන්ද ගොඩ වැඩිකරගන්න නිකන් ඉන්න අයට කවනවා.

:       0       2

SANKA Friday, 04 August 2023 08:29 AM

වැටුපක් වැඩී වී නැතිව මිවිසුන් ජීවත් වන්නේ කොහොම ද ? ලයිට් බිල උහුලගන්න බෑ! අඩු ගාණේ කන්න කෑම ටික නැති මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් අඩුවට දෙන්න! වතුර බිල වැඩිකළාට මම විරෝධය දක්වනවා සමස්ථ පුරවැසියෙක් විදිහට ! එන්නකියාපිය ඊළග මැතිවරණයෙන් ඡන්දේ ඉල්ලගෙන!

:       0       5

nanda Friday, 04 August 2023 06:29 PM

මේ තරම් බදු මුදල් එකතු කරගෙන ජනතාවට මූලික අවශ්‍යතා ටිකවත් සපයන්නේ නැතුව මොනවද කරන්නේ .225 නඩත්තුව විතරද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 189 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 527 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site