
ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
පිහි ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (24) පැවැති උත්සවයක් අතරතුරේදීය. උත්සවය පැවැත්වූයේ සොලින්ගන් නගරයේ ආරම්භය සනිටුහන් කරමින් නගරයට වසර 650 ක් පිරීම නිමිත්තෙනි. සොලින්ගන් ජර්මනියේ ප්‍රධාන කාර්මික නගරයයි.
පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අද (25) අත්අඩංගුවට ගත් බව පැවැසිණි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර, ඔහු පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න ද පැහැදිලි නැත. ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්
හුසේන් මොහමඩ් Sunday, 25 August 2024 10:06 AM
අයි. එස්. සංවිධානය තනිකරම, ලෝක මුස්ලිම්වරුන් ගැන වෛරයක් අපකීර්තියක් ඇතිකරන්න, ඇමරිකාව, ඊශ්‍රායල සහ මුස්ලිම් විරෝධී ප්‍රබල ආයතන විසින් මුදල් පොම්ප කරමින් පෝෂණය කරන අපරාධ කල්ලියක්. ඔවුන් කිසිසේත්ම මුස්ලිම් නොවේ. ඔවුන් මුස්ලිම්වරුන් නම්, ලෝක සාමයට තර්ජනයක් වූ මිනීමරු ලේ පිපාසිත ඊශ්‍රාලුවන් විසින් වත්මනේ පලස්තීනයේ සිදුවෙමින් පවතිනා සමූල ඝාතනයන්ට මුණිවත රැකීමක් කරනෙකක් නැහැ. අවශ්‍ය පමණට ආයුධ සහ පිරිස් ඔවුන් සතුව තියෙද්දී, මේ වෙලාවේ මිනීමරු ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියාත්මක වියයුතුයි. එසේ නොවන්නේ, ඔවුන් ඊශ්‍රායලය ප්‍රමුඛ ඉස්ලාම් ආගමට විරුද්ධ අදහස් දරනා ආයතන සහ සංවිධාන විසින් කිරි දී පෝෂණය කරනා නිසාවෙනි....
යෝගා Sunday, 25 August 2024 12:24 PM
අයි එස් ලා ක්‍රියා කරන්නේ තනිකරම කුරානය අනුවයි. අපිත් ඔය පොත කියවලා තියෙනවා..