
ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය.
ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත.
මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි, ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවිය. මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමය.
ජාතිකවාදී අදහස් ඇති, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිණාංශික මතය යලි පිබිදිලා වගේම දැන් ජර්මනියේ මුස්ලිම් විරෝධි අණ්ඩුව හින්දා සාංක්‍රමණික ජනතාව පිටුවහල් කිරීම වගේ ට්‍රප්ම් වගේ NATO එකට දෙන මූල්‍යම සහනය කපා හරින්න ඉඩ තියෙනවා. සමහර විට නාසී යුගයේ වගේ ජාතිවාදී ආගම්වාදී පරිසරයක් ඇති වෙයි දෝ කියලා හිතෙනවා. යුරෝපයේ මිනිස්සු දැන් මුස්ලිම් විරෝධී අදහස් මාරම විදියට වැඩිවෙලා...
හොඳයි, වාමාංශික මොට්ට හැත්ත හොඳට තියෙන රටවල් විනාශ කරලා දැම්ම
ඕක තමයි කිව්වේ ඇමරිකාව පටන් ගන්නකොට යුරෝපයත් පටන්ගන්න බව, විදේශීකයින්ට මැවුම් කරුගේම පිහිටයි...
දැන් ඉතින් අපේ අයත් යුරෝපයේ ගියාම කුඩඅම්මගේ සැලකිලි තමයි. එහේ ඉන්න සෙට් එක ආයෙත් ලංකාවට එයි අඬාගෙන...!