IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජෙරම්ට ඇප

(රෝෂන් තුෂාර)

ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ යැයි කියන ජෙරම්  ප්‍රනාන්දු දේව ගැතිවරයා දැඩි ඇප  කොන්දේසි මට මුදාහැරීමට  කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා අද (03) නියෝග කළේය.

ආගම් පිළිබඳව සංසන්දනාත්මක ප්‍රකාශය නිකුත් නොකරන ලෙසටද නියෝග කළේය .

රුපියන් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දෙන එක් පුද්ගලයකු ළඟම ඥාතියකු විය යුතු බවටද නියෝග කළේය . සැකකරුගේ  විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා  නියෝග  කළේය .

නඩුවට පාදකව කරන ලදැයි කියන   ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සැකකරු වන තම සේවා දායකයා සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුව මෙම ඇප නියෝගය නිකුත් කළේය .

ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලදැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ වගන්ති වලට නොවැටෙන කරුණක් වන බවත්,එබැවින් නඩුව එම පනත යටතේ ගැනෙන  වැරදී සම්බන්ධව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට  ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය . මෙම අධිකරණයෙන් ඇප ලබා දුනහොත් මහාධිකරණයේ සහ අභියාචනාදීකරණයේ  ඇප ඉල්ලීම් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවටත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්ත මහතා කළ කරුණු දැක්ම වීමෙන් පසුව මෙම ඇප ලබාදීම සිදු කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (6)

ජෙරම්ට ඇප

රාවණා Wednesday, 03 January 2024 11:55 AM

ආමෙන්, අවසානයේ සත්‍යය ජයගනු ඇත, ඔබතුමන් ගේ සේවාව අඛණ්ඩව කරගෙන යන්න ශක්තිය ලැබේවා

:       56       25

දෙයියා Wednesday, 03 January 2024 12:15 PM

මගේ කැමැත්ත මගේ අනුගාමිකයෝ බන්ධනාගාරගත වෙන එක... ආ තව බෝම්බ ගහනවාටත් කැමති.

:       20       28

RienzieThursday, 04 January 2024 07:19 AM

ඔබ නූතන තරුණ අඩු මානසික ගැටළු ඇති පුද්ගලයෙකු බව පෙනේ ...

:       1       1

Lawlord Thursday, 04 January 2024 05:38 AM

මේ පුද්ගලයා ආගම විකුණලා බුදු දහමට නිගා කරන්න ලබාදීපු ප්‍රකෝටි ගණන් මුදල් පිලිබඳ ව සොයා බලනු

:       1       0

Weerasinghe Thursday, 04 January 2024 06:35 AM

දෙවගැති ජෙරම්ට අරක්ෂාව සපයන්නේ පුද්ගලික අරක්ෂකයන්ය. ඔහුගේ අනුගාමිකයන්ට ඔහු විසින් දෙවියන්ගෙ අරක්ෂාව සලසාදෙනු ලබන්නේය. ජෙරම්ව ‍රැකගන්න බැරි දෙවියන් අනුගමිකයන් රකින්නෙ කෙලෙසකද මන්දා...? අනේ මෙහෙමත් හරක්

:       3       0

ලුම්බිණි Thursday, 04 January 2024 06:49 AM

එකම චෝදනාවට අත්අඩංගුවට ගත් නටාෂාට මෙහෙම ඇප ලැබුනේ නැත්තේ මොකද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site