
(රෝෂන් තුෂාර)
ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ යැයි කියන ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා දැඩි ඇප කොන්දේසි මට මුදාහැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය.
ආගම් පිළිබඳව සංසන්දනාත්මක ප්‍රකාශය නිකුත් නොකරන ලෙසටද නියෝග කළේය .
රුපියන් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දෙන එක් පුද්ගලයකු ළඟම ඥාතියකු විය යුතු බවටද නියෝග කළේය . සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
නඩුවට පාදකව කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සැකකරු වන තම සේවා දායකයා සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුව මෙම ඇප නියෝගය නිකුත් කළේය .
ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලදැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ වගන්ති වලට නොවැටෙන කරුණක් වන බවත්,එබැවින් නඩුව එම පනත යටතේ ගැනෙන වැරදී සම්බන්ධව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය . මෙම අධිකරණයෙන් ඇප ලබා දුනහොත් මහාධිකරණයේ සහ අභියාචනාදීකරණයේ ඇප ඉල්ලීම් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවටත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්ත මහතා කළ කරුණු දැක්ම වීමෙන් පසුව මෙම ඇප ලබාදීම සිදු කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආමෙන්, අවසානයේ සත්‍යය ජයගනු ඇත, ඔබතුමන් ගේ සේවාව අඛණ්ඩව කරගෙන යන්න ශක්තිය ලැබේවා
මගේ කැමැත්ත මගේ අනුගාමිකයෝ බන්ධනාගාරගත වෙන එක... ආ තව බෝම්බ ගහනවාටත් කැමති.
මේ පුද්ගලයා ආගම විකුණලා බුදු දහමට නිගා කරන්න ලබාදීපු ප්‍රකෝටි ගණන් මුදල් පිලිබඳ ව සොයා බලනු
දෙවගැති ජෙරම්ට අරක්ෂාව සපයන්නේ පුද්ගලික අරක්ෂකයන්ය. ඔහුගේ අනුගාමිකයන්ට ඔහු විසින් දෙවියන්ගෙ අරක්ෂාව සලසාදෙනු ලබන්නේය. ජෙරම්ව රැකගන්න බැරි දෙවියන් අනුගමිකයන් රකින්නෙ කෙලෙසකද මන්දා...? අනේ මෙහෙමත් හරක්
එකම චෝදනාවට අත්අඩංගුවට ගත් නටාෂාට මෙහෙම ඇප ලැබුනේ නැත්තේ මොකද?