IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජයශංකර් සජිත් අතරත් හමුවක්

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් අද (20) සිදුවිය.

එහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිස සමග මෙම හමුව සිදු විය.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳව එහිදී සිහිපත් කළ විපක්ෂ නායකතවරයා එය දිනෙන් දින ශක්තිමත් විය යුතු බව බව ද අවධාරණය කළේය. 



අදහස් (7)

ජයශංකර් සජිත් අතරත් හමුවක්

sena Friday, 20 January 2023 11:09 PM

ජයශංකර් සජිත් හමුවෙයි, සියලු දෙනා එක්ව ස්ර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අකමැතිවීම පිළිබඳව විමසයි. අගමැතිකම ඉල්ලා ලිපියක් යැවූ බවත් ඊට පිළිතුරක් නොදුන්බව ඔහු කියා ඇත...

:       0       2

chandima Saturday, 21 January 2023 03:02 AM

ඕනෑම ලෝක නායකයෙක් එක්කලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පලුවන් කිව්වනේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ.

:       1       38

sethuhami Saturday, 21 January 2023 04:45 AM

ඉංග්‍රීසි දන්නා නිසා ප්‍රශ්නයක් නැහැ.

:       1       20

Saththaya Saturday, 21 January 2023 08:25 AM

බස් හුගක් ලබා දෙනවලු චන්දය දිනන්න .

:       1       16

kamal Saturday, 21 January 2023 08:44 AM

පුතානොගේ ඉංගිරිස් වලින් දෙන්න ඇති එළඟිතෙල් හිදෙන්න.

:       2       31

sampath Saturday, 21 January 2023 11:40 AM

ජයශංකර් අන්දුන් කුන්දුන් වෙන්න ඇති ශුවර් එකටම. කොහොම වුනත් වැඩියෙන් බස් ටිකක් ලාබෙට ගන්න පුළුවන් වුණොත් හොඳයි. අර නානු ඔය වගේ ප්‍රශ්න එන්නේ නෑ මෙතුමා බෙදපු බස් එකේ ගියා නම්.

:       1       1

මහසෙන් Saturday, 21 January 2023 11:41 AM

අර ආධාර ගන්න පුලුවන් ඉංග්‍රීසි භාෂාවෙන් වෙන්න ඇති කතා කරන්න ඇත්තේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site