
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් අද (20) සිදුවිය.
එහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිස සමග මෙම හමුව සිදු විය.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳව එහිදී සිහිපත් කළ විපක්ෂ නායකතවරයා එය දිනෙන් දින ශක්තිමත් විය යුතු බව බව ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයශංකර් සජිත් හමුවෙයි, සියලු දෙනා එක්ව ස්ර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අකමැතිවීම පිළිබඳව විමසයි. අගමැතිකම ඉල්ලා ලිපියක් යැවූ බවත් ඊට පිළිතුරක් නොදුන්බව ඔහු කියා ඇත...
ඕනෑම ලෝක නායකයෙක් එක්කලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පලුවන් කිව්වනේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ.
ඉංග්‍රීසි දන්නා නිසා ප්‍රශ්නයක් නැහැ.
බස් හුගක් ලබා දෙනවලු චන්දය දිනන්න .
පුතානොගේ ඉංගිරිස් වලින් දෙන්න ඇති එළඟිතෙල් හිදෙන්න.
ජයශංකර් අන්දුන් කුන්දුන් වෙන්න ඇති ශුවර් එකටම. කොහොම වුනත් වැඩියෙන් බස් ටිකක් ලාබෙට ගන්න පුළුවන් වුණොත් හොඳයි. අර නානු ඔය වගේ ප්‍රශ්න එන්නේ නෑ මෙතුමා බෙදපු බස් එකේ ගියා නම්.
අර ආධාර ගන්න පුලුවන් ඉංග්‍රීසි භාෂාවෙන් වෙන්න ඇති කතා කරන්න ඇත්තේ.