
(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද(05) ප්‍රකාශ කළාය.
අදාළ සමාව අයදීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළකිරීමට සූදානම් බවත් ,තමන්ට එරෙහි විමර්ශනය එසේ සමථයකට පත්කර අනාගතය සකසා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසත් සැකකාර හේමාලී විජේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙපළගෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සැකකාරිය සූදානම් නමුත්,මේ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හැකියාවක් නොමැති බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා බලු වැඩ කළා මදිවට දුව තර්ජනය කරන්නත් එනවා. මේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. සමාව දෙන්න එපා. ලොකු දඩයක් ගහන්න ඕනෑ..
වරදක් වෙලා නම් නැතිනම් මොකටද සමාවක් ඉල්ලන්නේ. කවුරුවත් එයාට සමාව ඉල්ලන්නයි කියලා බලපෑම් කරලත් නැහැනේ . මට තේරෙන්නේ නැහැ.