
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි.
ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත.මෙම නව පළතුර ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි.එය මින් පෙර කිසිවකු රසවිඳ නොතිබූ අද්විතීය රසයක් බව එම ගොවීන් පෙන්වා දී ඇත.
පෙනුමෙන් පැණි කොමඩු ගෙඩියක් වැනි ලෙමන් පැණි කොමඩු ගෙඩි වල අසාමාන්‍ය සුදක් තිබෙන බවත් එය පැණි කොමඩු ගෙඩියක් තරම් විශාල නොවන බවත් ජපාන ගොවීන් පවසයි.ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ජපාන වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් 23.30 ක (ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ ) මුදලකට මිල කර ඇත.
අගෝස්තු මාසය තෙක් සපෝරෝ නගරයේ වෙළඳපොළවල් තුළ ලෙමන් පැණි කොමඩු ගෙඩි ඇත්තේ 3800 පමණක් බවද ජපාන ගොවින් ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමෙට ඇටත් නැහැ. ඇට තිබ්බා නම් අපේ අයියලා රටපුරා ලෙමන්, පැණිකොමඩු වවනවා.
අපෙ කට්ටිය? තියන එකත් නතිකරගන්නවා. උදාහරන ලංකාවෙ ගස්ලබු. වෙලඳ පොලෙහි දැනට අත්තෙ පිටරටින් ගෙන්වු දෙමුහුන් වර්ග පමනි.
වෙන කොමඩු ගෙඩියක ඇට අරගෙන ලෙමන් කොමඩු ගෙඩියක ඇට කියලා හරි විකුනයි අපේ අයියලා