IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජපානයේ සංචාරක වීසා ශ්‍රමිකයන්ට සුබ බලාපොරොත්තුවක්

(අංජුල මහික වීරරත්න)

සංචාරක වීසා මත ජපානයේ රැකියා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා කාලය ඉකුත් වූ පසුව ඔවුන් සම්බන්ධයෙන් යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ජපානයේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවෙස් කිචිරො ( IWASE Kiichiro) මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙරටට පැමිණ සිටින ජපානයේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ පාලිත රංගෙ බණ්ඩාර මහතා අතර හමුවක් කොළඹ දී පැවැත්විණි.

එහිදී එජාප මහලේකම්වරයා කීවේ ලාංකිකයන් විශාල පිරිසක් සංචාරක වීසා මත ජපානයේ රැකියා කරන අතර ඔවුන් නැවත මෙරටට යොමු කළහොත් එය මෙරට ආර්ථිකයට මෙන්ම තරුණ රැකියා වියුක්තියට ද හේතුවක් වන බවයි.

ශ්‍රී ලංකාවෙි  ජපන් ආයෝජන අවස්ථා වැඩි කරන ලෙසද එය මෙරට ණය ප්‍රතිව්‍යුහගත  කිරීමට මහත් පිටුවහලක් වනු ඇති බවද සඳහන් කළ එජාප  මහලේකම්වරයා රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහාය දෙන ලෙසද  ඉල්ලා ඇත.

පාලිත රංගෙ බණ්ඩාර මහතා  කළ ඉල්ලීම් සියල්ල ජපන් රජය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට දියුණුවනු දැකීම ජපන් රජයේ අපේක්ෂාව බවත් ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවෙස් කිචිරො මහතා සඳහන් කර තිබේ.



අදහස් (6)

ජපානයේ සංචාරක වීසා ශ්‍රමිකයන්ට සුබ බලාපොරොත්තුවක්

රවින්ද්‍ර සිල්වා Sunday, 30 July 2023 04:55 PM

කවුද මල්ලි මේ රංගෙ බණ්ඩාර? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිද? වෙන මොනයම්ම හෝ ඇමැති කෙනෙක්ද? නෑනේ... නෑනේ... පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි, ජනතාව ප්‍රතික්ෂේප කරපු පිම්පියෙක්... අපිව චූන් කරන්න සිඟිති ආතල් එකක් දෙනවා නේද? මෙහෙම අය විදේශීය රාජ්‍යයන් එක්ක මේ විදියට ගණුදෙනු කරනවා නම්, පාර්ලිමේන්තුව හෙටම විසිරුවපල්ලා. ජනාධිපතිලා, අගමැතිලා, ඇමතිවරු ඕනෑම නෑ.

:       2       27

Ariya Sunday, 30 July 2023 08:21 PM

ඒකනේ, මෙයා කවුද?

:       2       15

Perera Monday, 31 July 2023 12:54 AM

මෙයා කිව්වාම ජපන් රජය හරියට ඒවට අවණත වෙනවා වගේ... අනේ රංගේ... ගිහින් තව වොඩ්කා බෝතලයක් දෙකක් වතුර කරන්න.

:       1       2

chandima Monday, 31 July 2023 02:26 PM

කියපු දේ එහෙ ගිහින් කියන්නම් කියල විතරයි නෙ කියල තියෙන්නෙ? ජනදිපති කිව්ව නම් සමහර වෙලාවට ටිකක් හරි බලපොරොත්තු වෙන්න තිබුන. එත් මෙ කුක්කො කියන ජපන්නු රස්සා දෙයිද?

:       0       3

don Monday, 31 July 2023 03:12 PM

තියෙන විහිළු මදිවට තව අලුතෙනුත් විහිළු සපයනවා. මෙයාලා හිතන් ඉන්නේ ජපන් රජය කියන්නෙත් ලංකාවේ රජය වගේ කියලා.

:       0       2

ද මු දසනායක - පරලොව Tuesday, 01 August 2023 12:57 PM

යකෝ.. මේ අමුඩේ ගහගෙන හොර පොල් කඩපු රංගෙයා ටයි කෝට් ගහලා. මිනිහාට එක තැන ඉන්න අමාරුයිලු... නිකම් කසනවා කසනවා වගේලු. මම හිටියා නම් මෙයා මේ මල විකාර කරන්නේ නැහැ. මාව දැක්ක ගමන් චූ යනවා මෙයාට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site