IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජපන් සහයෙන් කෘෂිකර්මය නංවන්න වැඩපිළිවෙළක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය සඳහා තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසක් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය උදෙසා තොරතුරු තාක්ෂණික ප්‍රවේශයක් හඳුන්වා දීමට ජපානයේ KBS – KEIO ව්‍යාපාරික පාසල( Business School)එකඟත්වය පළ කර තිබේ.

මෙරට කෘෂිකාර්මික අංශය ඉහළ ආදායමක් ඉපයිය හැකි අංශයක් බවට පත් කිරීම සහ අපනයනය ප්‍රවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණික ප්‍රවේශයක අවශ්‍යතාවය මෙම නියෝජිත පිරිස අවධාරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සුහුරු වගාව /සුහුරු කෘෂිකර්මාන්තයක්  යන තේමාව ඔස්සේ මෙරට වගා කෙරෙන එළවළු, පලතුරු හා කුළුබඩු ද්‍රව්‍ය විදේශ වෙළෙඳ පොලට අපනයනය කිරීම සදහා තවදුරටත් සංවර්ධනය කළ යුතු අංශ සම්බන්ධව එම නියෝජිත පිරිස අදහස් පළ කළේය.

ජපාන නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරී පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳ සාකච්ඡා කළහ.



අදහස් (2)

ජපන් සහයෙන් කෘෂිකර්මය නංවන්න වැඩපිළිවෙළක්

ravin Thursday, 03 August 2023 02:37 PM

ජපනුන් කෘෂි ක්ෂේශ්ත්‍රයේ ඉතා ඉහල දැනුමක් ඇති රටක් .හරියට සහයෝගය ලබාගෙන වැඩ කටයුතු කලොත් අපේ ආහාර හිඟයට නිසි පිළිතුරක් ලබාගත හැකිවේවි

:       0       1

මිලාන් Sunday, 07 January 2024 07:05 AM

ඒ ලැබුණු දේවල් අපිට ලැබුනේ නම් නෑ... ඔය ඔතැන හිටගෙන ඉන්න සුදු පාටින් ඇඳගෙන ඉන්නා එකාගේ අයට දීලා ඇත්තේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site