(විමුක්ති එස් රුද්‍රිගු)
ජපන් විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක නිල සංචාරයක් මෙම මස අගදී ආරම්භ කරන බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, උගන්ඩාව සහ ඉතියෝපියාව යන රටවල අමාත්‍ය යොෂිමාසා හයාෂි සංචාරය කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ සිදු කරන දෙදින නිල සංචාරයේදී අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා මෙරට ණය අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම රටවල් සමඟ ඇති ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා නිල සංචාරය සිදු කරන බව ජපාන මාධ්‍ය පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව බලන්නම එනවද නැතිනම් අනිත් රටවල් පහට යනගමන් තෙල් ගහන්න නවතිනවද ?