
(අංජුල මහික වීරරත්න)
ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩි දියුණු කර රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා පැවසීය.
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවන IM Japan ආයතයේ සභාපති කිමුරා හිසයොෂි හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ මහත්වරුන් කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී සේනානායක මහතා මේ බව කීය.
ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, සාත්තු සේවා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව IM Japan ආයතයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පුහුණු සංචිතයක් පවත්වාගෙන යාම සුදුසු බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) සඳහා කුසලතා පරීක්ෂණයට අදාළ ඉගැන්වීමේ කටයුතු කාර්යාංශය හරහා සිදුකිරීමට IM Japan ආයතනයේ සහාය ලබාදීමටද කිමුරා මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
මෙම අවස්ථාවේදී තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානය බලා පිටත්ව ගිය පුහුණුලාභීන් 12 දෙනකු සඳහා සහ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ අගෝස්තු 3 වැනිදා විදේශ ගතවීමට නියමිත රැකියා ලාභීන් 8 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළාමක ටින් ටින්ට කිව්වානම් වැඩේ ගොඩ.ඉස්කෝල ගානේ ගිහින් ජපන් බාසාවෙන් කතා කරපු හැටි මතක ඇතිනේ?
අපි වගේ ජරා ජාතියකට දියයුත්තේ හැදියාව පිළිබදව පුහුණුවක්….