IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

දශක ගණනකින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ දරුණුතම පරාජයක් ලෙස මෙය සැලකෙයි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ ඔවුන්ට හිතවත් කොමෙයිටෝ නමැති කුඩා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
බහුතරය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 233 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය දිනා ගත්තේ ආසන 208 කි. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් ආසන 235 ක් දිනා ගත්තේය. ඒ අතරින් ද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම ලෙස සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 143 ක් දිනා ගත් බව ද පැවැසෙයි.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකයාය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ දශක ගණනක් තිස්සේය. 

මීට සති කීපයකට පෙර, පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර පක්ෂ නායකයා ලෙස ෂිගෙරු ඉෂිබා තෝරා ගැනීම සිදුවිය. 

තමන්ට ජන වරමක් ද අවශ්‍ය යැයි 67 හැවිරිදි ෂිගෙරු ඉෂිබා විශ්වාස කළ බැවින් කඩිනමින් මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කළේය. ජපන් මහ මැතිවරණය පැවැත්වීම සිදුවූයේ ඒ අනුවය.



අදහස් (0)

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site