
(අංජුල මහික වීරරත්න)
ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
බංගලාදේශය ,වියට්නාමය වැනි රටවල ආයෝජනය කළ ආයෝජකයින් නැවත ලංකාවට පැමිණීම ආරම්භ කර තිබෙන බව කී ආශු මාරසිංහ මහතා මේ වසරේ මුල් කාර්තුවේ පමණක් ඇමරිකා ඩොලර් බිලියන 1.1 ක් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට හැකියාව ලැබුණු බවද කීය. මාර්තු මාසයේදී ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 438 ක් උපයාගෙන තිබෙන බවද මාරසිංහ මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් අර වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ එක වගේ තමයි
වොක්ස්වැගන් සමාගමේ එක ලංකාවට ආවා වගේ තවත් සීන් එකක් නේ...
වියට්නාම් වල සුනඛයෝ බෝ කරන සමාගමකුත් ලංකාවට එනවලු
නොරිටාකේ ෆැක්ටරියක් ලංකාවේ මාතලේ තියෙනවා. ඒක ආරම්බ කරලා අවුරුදු 30 කට වැඩියි.
නොරිටාකේ සමාගම දැනට අවුරුදු 25කට වඩා වැඩි කාලයක් ලංකාවේ මාතලේ සහ දංකොටුවේ කර්මාන්ත ශාලා දෙක පවත්වගෙන යනවා.
ලංකාවේ මැතිවරණයක් කිට්ටුවෙද්දීම මොකද ඒ ගොල්ලෝ වියට්නාමය අතහැරලා ලංකාවට එන්නේ? අපිට අමතක නැහැ ෆොක්ස්වැගන් කොම්පැනිය ලංකාවට ගෙනාපු කතාන්දරය." අපි නම් කයි මයියොක්කා ..."
ඕක කලිනුත් තිබුණනෙ මොනවද මේ මනුස්සයට වෙලා තියෙන්නෙ?
මෙයා ලංකාවේ කෙනෙක් වෙන්න බැහැ . ලංකාවේ ජනතාව නම් දන්නව ලංකාවේ දැනටමත් නොරිටාකේ සමාගමක් මාතලේ තියෙන බව.
මූට පිස්සුද
මුන් නම් මිනිස්සු වෙන්න බෑ .මෙච්චර අපකීර්තියට පත් වෙලත් රෙදි ඇඳගෙන ඉන්නේ
වජිරට වගේම මෙයාටත් හොඳ ඉනා බෙහෙතක් රනිල් කවලා වගෙයි
අනෙ නිකම් පලයන් බං යන්න , ගෙදර බල්ලට