
(නිමල කොඩිතුවක්කු)
ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේය.
ලබන(11) සහ (12) ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමේ අරමුණින් තමන් ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් ජිනීවා නුවර බලා පිටත්ව ගිය බව ජයවර්ධන මහතා සඳහන් කළේය.
මේ සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාත් තමන් සමග එක්ව සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.
රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් ඔහු එහිදී කීවේය.
රටේ මානව හිමිකම් පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් මානව හිමිකම් කවුන්සලයේ මෙවර වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව වසර තුනකට අධික කාලයක් ඉක්මවා ගියත් එම ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ද වාර්තාවේ කරුණු සඳහන්ව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
මෙවර මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සැසිවාරයක් බැවින් තමන් ඇතුළු නියෝජිත පිරිස සහභාගී වන බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොල්ලෝ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට යන්නේ රටේ බඩගින්න නිවන්නද නැතිනම් ලොක්කට බලය ලබා දෙන්නද ? නිදන් හාරපුව , සල්ලි අච්චු ගහපුවා එහෙම කියන්න නම් එපා .
තාත්තා කලෙත් l t t e එකට කඩේ ගිය එකනේ.
The Alleged in Easter Attack should be uniformed !
මහින්ද ජිනීවා ගෙනිච්ච ඇට කටු මල්ලත් අරන් ගියාද දන්නේ නැහැ
මෙයාගෙ තාත්තත් එදා මව්බිමට එරෙහිව ලෝකෙට ගතු කිව්ව. එයාගෙ පුතා එහෙම නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. මෙයත් අද කරන්නෙ ඒකමයි.