(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනාධිපතිවරයා වෙත වෙන් කර තිබූ ගිලන් රථයක් මුලතිව් මහ රෝහල වෙත අද(1) බාර කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී මෙම පරිත්‍යාගය සිදු විය.

"නිසාන්" වර්ගයේ ගිලන් රථය ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබූ අතර සක්‍රීය රාජකාරී කටයුතු සඳහා යොදා නොගන්නා බැවින් සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යා ලය පියවර ගෙන තිබුණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයුම්/Logistics) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.