(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බරයේ ඇමෙරිකාවේ සහ ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම ජනාධිපතිවරයාගේ ඇමරිකා සංචාරයේ ප්‍රධාන අරමුණයි.
ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා එක්සත් ජනපදය බලා පිටත්ව යන අතර 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා ලෝක නායකයන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වැනිදා නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ සැප්තැම්බර් 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය. ජනාධිපතිවරයා ජපන් රජය සමග පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර එහි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින සැමරුමටද එක් වනු ඇත.එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වෙති.
මීට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති ඇමරිකා ගිහින් ජපන් යයි
පිටරැටියා Sunday, 10 August 2025 02:32 PM
අදූෂිත ජනතාවාදි නායකයා ගැන ලෝකේ ඉහළම පිළිගැනීමක් තියෙන බව පැහැදිලි .අපේ රටට යහපතක්ම වේවා !
යෝගා Sunday, 10 August 2025 03:08 PM
සිරිසේනත් ඕකම කලා. පුලුවන් තරම් රට සවාරි ගැහුවත් රටට වෙච්ච සෙතක් නෑ. එයත් විහිළු නම් සැපයුවා.
ලසන්තSunday, 10 August 2025 03:37 PM
ඒකත් හරියට අර යෝගා තකතීරු කමෙන්ට් දාලා අපිට විහිළු සපයනවා වගේද?
විපරමා Sunday, 10 August 2025 06:45 PM
හිටපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ තමුන්ගේ කෙනෙක් සභාපති කරලා, සිය ගණන් පිරිවරාගෙන දිගට හරහට සවාරි ගහලා එයාර් ලන්කා සමාගමත් බන්කොලොත් කෙරුවා. ජනාධිපතිතුමා රට යන්නේ එතුමාට ලැබෙන ආරාධනා වලට... අදූෂිත ජනතාවාදී නායකයෙක් වශයෙන් පිළිගැනීමත් තියෙන බව දන්නෝ හොඳාකාරවම දන්නවා.
Nihal Sunday, 10 August 2025 03:14 PM
පසුගිය දශක 3ක් පමණ රට සමුළුවලට මැතිඇමති සනහුරෙේ ඔක්කෝම ගුවන් යානා පුරෝගෙන ගිහින් රටේ ආර්ථාකය හැම අංශයක්ම විනාශ කරලා දැමිමා දැන් එහෙම නැති එක මාලිමාවට දීපු ඡන්දය නිසානේ හැගීම සැනසීමක්.
යසපාල Sunday, 10 August 2025 03:39 PM
ඔය ගමන්ම කියුබාවටත් යන්න සහෝදරයා. ප්‍රයෝජනවත් වෙයි.
ගුණරත්න Sunday, 10 August 2025 04:31 PM
මේ අවුරුද්දේ විදේශ සංචාර කීයද? සීයා ජනතා මුදලෙන් සංචාර ගියා කියලා නාහෙන් අඬාගෙන හිටි මාලිමාවුන් දැන් කරන්නේ මාසෙට දෙපාරක් කොහේ හරි පිටරටක රවුමක් ගහන එක...
ලමය Sunday, 10 August 2025 05:51 PM
මේ මනුස්සය කොහේ ගියත් අපේ සල්ලි නාස්ති නොකරන බව දන්නවා. රටට වැඩක් වෙන දෙයක් කරගෙන එයි. යහපත් මනුස්සයෙක්
prasanna Sunday, 10 August 2025 08:23 PM
රට ගිහිල්ලා කටවල් දිහා බලාගෙන ඉන්නවා...