
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන ලබන මස 15 දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වෙනිදා දහවල් 12.00 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් පනස් දහසක මුදලක්ද අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයකු වන අවස්ථාවක රුපියල් 75000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව කොමිසම නිකුත් කළ තවත් ගැසට් නිවේදනයක දැක්වේ.
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදී ඇප මුදල් වැඩිකරනවා කිව්වත් ඒක හිතාමතාම ප්‍රමාදකලේ මෙවර ජනාධිපති අපේක්ෂකයින් කලින් හදුනාගෙන වෙන්න ඇති.
මෙදා චන්ද කාඩ් එක මීටරයකට වඩා දිගු වනු ඇත. ඇප මුදල මිලියන ගානකට වැඩි කරනවා කීවා නේද. කෝ වැඩ නෑ සද්දේ විතරයි.