
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණය පවත්වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
එම ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව ද රවී කරුණානායක මහතා කීය.
ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද කරුණානායක මහතා පැවසීය.
කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පැවතිඋතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් කරුණානායක මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි... හරි නම නිර්පාක්ෂික. කෙරෙන වැඩ. පොහොට්ටුවෙයි, යූඑන්පී එකෙයි හොරු බේරා ගැනීම... සාමාන්‍ය මිනිහට අසීමිත ලෙස බදු ගහලා මඩිය තරකර ගත්තා. ඉදිරි සතිය, මාසය අමාරුයි... කියව කියවා ඉන්නවා මිසක් කෝ මේ රටට කරපු සේවයක්. ඩොලර් එක අඩුවුණා කියනවා. උද්ධමනය අඩු වුණා කියනවා... කොහෙද බඩු මිලක් අඩුවෙලා තියෙන්නේ... සාමාන්‍ය දුප්පත් මනුස්සයා ඡන්දෙ එනකම් තමයි බලන් ඉන්නේ හොරු දෙගොල්ලෝම නිහඬ කරවන්න...
පල් හොරෙක්ට කියලාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා. ගමන සුබයි...
පිස්සු නැත්නම් ශෝක්...!
ලලිත් අතුලත්මුදලි ගෙ සල්ලි වලට මොකද කලේ ඔය් නෙද එව ගත්තෙ
මෙයත් හැංගිලා හිටපු ඇඳ යටින් රිගලා එළියට ඇවිල්ලා වගේ...
නිර්පාක්ෂික කියලා UNP කාරයෝම රැස්වීම තියෙනවා... මතක තියාගන්න පොහොට්ටු, අලි හොරු දෙගොල්ලන්ගේම ආරක්ෂකයා තමයි ඔය නිර්පාක්ෂික බෝඩ් එකක අල්ලන් එන්න හදන්නේ...
ඒ හරක් මස් කරලා ඉවරයි. දැන් ඉන්නේ අලුත් පරම්පරාවක්. ඔය කථා අහන්න හිටපු අය දැන් නෑ. මෙයා මේ කොහේද හිටියේ...? දැන් එළියට බැහැලා කතා කරන්නේ බය නැතුව. යාපනේ ගියා නේද හෙලිකොප්ටර් එකකින් ඩොලර් හොයන්න ගියා කීවා නේද? කෝ ඒ හොයපු ඩොලර්...? පිස්සු පිස්සු අප්පා අපිට. මෙයාලා ආයෙත් දේශපාලනය කරන්න අරන්... දැන් මදිද මේ රටට කරලා තියෙන හරිය... දැන්වත් පාඩුවේ ඉන්නවද? මරු කියවන්නේ නැතිව ඡන්දයක් එනකන් මිනිස්සු සුපිරි පිළිතුරක් දෙයි...!