(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා ගන්නාවූ පියවර ගැන ජනතාව බලා සිටින බවද ඔහු කීවේය.
ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග ශක්තිමත්ව කටයුතු කිරිම වැදගත් බවත් ඔහු දැනටමත් එසේ කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
රට ගොඩනැඟීම සඳහා සියලුම ජනතාව එකාවන්ව කටයුතු කිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා’’
gunda Saturday, 16 April 2022 09:57 AM
රට වලපල්ලට ඇද දැම්මෝ කවරහුද?
Sk Saturday, 16 April 2022 10:00 AM
අපි මෙච්චර කල් බලාගෙන හිටියේ එයාගේ වැඩපිළිවෙළ තමයි...
Babesinno Saturday, 16 April 2022 10:05 AM
බේබි ඇහැරිලා... නාඬා ඉඳිං මගෙ අප්පා...!
Lalith M Saturday, 16 April 2022 10:25 AM
උද්ඝෝෂණයට පහරදී කඩාකප්පල් කිරීමට උත්සාහ කරන එකද?
Daminda Saturday, 16 April 2022 10:50 AM
මැදමුලනේ හොරුන් චුතවෙලාම යන්න ඕනෑ.
ජගත් ලියනගේ Saturday, 16 April 2022 10:51 AM
බොරු බයිලා අපිට වැඩක් නැහැ. ඔය රාජපක්ෂ සෙට්එකම යනකං තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ... ඔයා බාප්පත් අරගෙන යන්න. හැබැයි හොරකම් කරපු සල්ලි ටික දීලා යන්න...
විජිත් Saturday, 16 April 2022 10:59 AM
ජනතාව බලාගෙන ඉන්නේ වැඩබැරි ජනාධිපති ඉල්ලා අස්වෙනකම්. අස්වුනේ නැතිනම් මිනිහාව අල්ලලා අස්කරන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් විසුරුවලා " අලුත්ම "උගත් බුද්ධිමත් අවංකඅයගෙන් සැදුම්ලත් නව රජයක් පිහිටුවනවා. හැබැයි " රාජපක්ෂ නම තියෙන කවුරුවත් ආයේ දේශපාලනයට ගාවගන්නේ නැතිවයි ඒ ක්‍රමවේදය සිදුකරන්නේ.. බලයෙන් පහකළා කියලා කිසිකෙනෙකුට රටෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්. උසාවිවලට වැඩ වැඩිවේවි. හිරගෙවල් ලැහැස්ති කරන්න වේවි. ඒ වගේම "එල්ලුම් ගහත් " සුදානම් කරන්න වේවි. ජනතාවගේ එකම අපේක්ෂාව එයයි...!!!
Perera Saturday, 16 April 2022 11:01 AM
ඔහෙලා ඔක්කොම මේ අවුරුදු දෙක තුළ ගත්තු පියවරවල් දිහා බලලා ජනතාව ඔහෙලාට ඔක්කොමලා පිළිබඳව ගතයුතු පියවරවල් මොනවද කියලා දැනටමත් තීරණය කරලා ඉවරයි. ඔහෙලා බලන් ඉන්න.
Sunil Saturday, 16 April 2022 11:19 AM
නැති සැලසුමක් කෙසේ ඉදිරිපත් කරන්නද? නූල කැඩුණු සරුංගලේ වගේ හුළං හමන අතට වැනෙනවා. රටම කාබාසිනියා කළා පවුලම...
ravin Saturday, 16 April 2022 11:47 AM
මොකෝ ආපහු හොරකම පටන්ගන්නද අර අඳින්නේ? දැන්මම කේන්දරේ හොඳින් බලාගත්තොත් හොඳයි. බොරුවෙන් රට රැවටූ කාලය ඉවරයි.
දාස Saturday, 16 April 2022 11:55 AM
ළමයෝ දැන් බාප්පාට ඉන්නේ ඔයගොල්ලන් විතරයි, එයාට දැන් ජනතාවක් නෑ.
naleen Saturday, 16 April 2022 12:30 PM
කාලා විනාශ කරලා, රටත් කාලා දැන් උපදෙස් දෙනවා... කොහෙන්ද මේවාට හිනාවෙන්නේ?
කාබනික පොහොර ව්‍යාපෘති පියවර 2 Saturday, 16 April 2022 12:38 PM
අවංක නම් අධිකරණයේ නිදහස පිහිටුවා ගෞරවනීය ලෙස යාමට ජනපතිට හැකියි.
Sirisena Saturday, 16 April 2022 02:18 PM
අනේ යන්න බොරු කියන්නේ නැතිව... !
beau Saturday, 16 April 2022 02:44 PM
තමන් ඇතුළු මුළු රාජපක්ෂ පවුලම පාර්ලිමේන්තුවෙන් පිටවී යාම තමයි මහජනයා බලාපොරොත්තු වෙන්නේ. නිකන් මෙතැන ඇවිල්ලා අපිට බටර් ගාන්න හදන්න එපා. අපි දන්නවා ඔයාලගේ කට්ටකම්... කරුණාකර යන්න යනතැනකට... අපේ රටින් හොරකම් කළ මුදල් සහ වත්කම් ආපසු දීලා..
Keerthi Saturday, 16 April 2022 02:55 PM
පොදු ජනතාව කියන්නේ ජනාධිපතිට ගෙදර යන්න කියලා. ඒ පියවර ගන්නකන් තමයි කව්රුත් බලන් ඉන්නේ...!
M.O.A. Careem Saturday, 16 April 2022 04:22 PM
ඡන්දය දෙපාරක් දුන්නා. දැන් රට ණය වෙලා...
VIMAL FERNADO Saturday, 16 April 2022 11:22 PM
අපේ ජනාධිපති වෙන්න කලින් ඔබේ බාප්පා නේ...!
බන්දුසේන Sunday, 17 April 2022 09:21 AM
මේ අය මෙච්චර කල් මරනිද්දක ඉඳලා, දැන්තමයි ඇහැරිලා තියෙන්නේ කෝච්චය ගිහිල්ලා ඉවරයි හලෝ...!!!
සාලිය Sunday, 17 April 2022 03:30 PM
අපි ගෝඨා සමඟයි... ඔබේ අදහස හොඳයි.. මන්ත්‍රීතුමනි, ළඟම පාසල හොඳම පාසල කිරීම රාජ්‍ය සේවය විමධ්‍යගත කිරීම, තෙල් ප්‍රශ්නයට චූටි විසඳුමක් නොවේද?
sharm warnMonday, 18 April 2022 11:56 AM
සාලිය... ඔයා හරිම පව් ඉතින්..! මීට වඩා ඔයාට සතුටක් දැනෙයි බූරුවෙකුට අවකලනය ඉගැන්නුවා නම්... අඩු ගානේ බූරුවා කැම්පස් එකටවත් යයි.
සලිය Sunday, 17 April 2022 03:39 PM
ඔබේ අදහස හරි ප්‍රජාතන්ත්‍රවාදීව රට ගොඩනගමු... මුලු ලෝකෙම උදව් කරයි... නොමැති නම් ලෝකෙම උදව් නොකරයි.
fairoosMonday, 18 April 2022 12:18 PM
සාලිය පිටරට ඉන්න හින්දා අවුලක් නැහැ නේද? මේ වගේ අය නිසා තමයි රටට මෙහෙම වුණේ...
Nadee Monday, 18 April 2022 01:51 PM
ජනාධිපති උපදේශක නාමල් රාජපක්ෂ..! ජය වේවා...!
LGPJ Wednesday, 20 April 2022 08:03 AM
ගොඩක් හොඳයි...