(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව ගෙන බැලුවහොත් වැඩිම ඇමතුම් ලැබෙන්නේ සජබෙන් බව පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වන බවද අලුත්ගමගේ මහතා කීය.
"ජනාධිපති ලේකම් කාර්යාලයට යන විට ඇත්තටම අපට ඉඩ නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා.හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන් යනුවෙන් ද අලුත්ගමගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හිරේ යනකන් නින්ද යන්නේ නැහැ කිව්ව කෙනෙක්නේ...
මෙන්න ආවා මහ ලොකු පණ්ඩිතයා... කෘෂිකර්මාන්තය විනාශ කළා...
කොහොමටවත් ඔබලාට ඉස්සරහා පැත්තෙන් යන්න ලැබෙන්නේ නැහැනේ, පිළිකන්න පැත්තට වෙලා ඉන්න වහලා හාමු කතා කරනතුරු...
සාගලට හොරෙන් මෙයත් යනවාද කොහේද?
තොපි ඔක්කොම එකයි. මෙදා පාරතමයි මිනිස්සු හොඳට සලකන්නෙ. කාබනික පොහොර කියල රටම විනාශ කලා. හැරෙන හැරෙන පැත්තට හෝයියා.
රටට වටින දෙයක් කියපන් මිනිහෝ. ඕවා තොපේ ඕපාදූප .
මොවුන්ට කියන්න වැදගත් දේවල් නෑ.. වැදගත් දේවල් කියන්න තරම් බුද්ධියක් නෑ කියලා නාවලපිටියේ මිනිස්සු දැන්වත් තේරුම් ගන්න.. ඊළඟ ඡන්දෙදී වත් මේ සහ ගහන අපරාධය කරන්න එපා.. නාවලපිටියේ උගත් බුද්ධිමත් නායකයෙක් ඇත්තේම නැද්ද? පජාති, කුපාඩි විතරද ඉන්නේ?