(සුජිත් හේවාජුලිගේ )
ජනපතිට ඔරවලා රවලා ගෝල්ෆේස් පිටියට හිස නමලා ඇමැතිකම් අරගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටක් රාජ්‍යයක් හදන්නේ කොහොමදැයි තමාට ප්‍රහේලිකාවක් බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
"ගෝටා ගෝ හෝම්" කියන ගමන්කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා සමඟ ඉන්න හිටින්න හදන අයගේ මානසිකත්වය තේරුම්ගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනතාවගේ බඩගින්දර ගැන සිතා ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන බව පැවසූ දිසානායක මහතා මේ අවස්ථාවේදී තම කණ්ඩායම කරන කැපවීමට ප්‍රතිඵල තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.
එක මන්ත්‍රීවරයකු පැවසූ අන්දමට ඔහු ජනපතිගෙන් පත්වීම ගත්තේ අප්‍රසන්නතාවයෙන් අහක බලාගෙන බවත් ඇමැතිකමක් ගත්තත් තමා තවමත් ඉන්නේ ගාලු මුවදොර පිටියේ යැයි තවත් ඇමැතිවරයකු ප්‍රකාශ කළ බවත් විමලවීර දිසානායක මහතා පැවසුවේය.
මෙවැනි සිතුවිලි තබාගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු කීවේය. අසූ අට අසූ නවය කාලයේ බිහිවූ ම්ලේච්ඡත්වයේ දේශය දැන් යළි අවදිවී ඇති බවත් එක්තරා කණ්ඩායමක් ගෙන යන මෙම මිලේච්ඡත්වය පාලනය කළ හැක්කේ එයට ගරු කිරීමෙන් හෝ හිස නැමීමෙන් නොවන බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ජවිපයට ගහලා ආයෙත් රට ලේ විලක් කරන්න හදනවා.
හිතේ දුකට කියන කතා...!
ඔය කියන එක්තරා කණ්ඩායමට බිලියන ගාණක බැංකු ගිණුම් තියෙනවා කියනවා. අනික මේ වගේ විනාශයක් කළා නම් ඒවායේ පරීක්ෂණ කරලා, මේ පක්ෂය තහනම් කරලා, දේපළ රාජසන්තක කළා නම් රටේ ආර්ථිකයත් ගොඩදැමිය හැකියිනේ..
දෙපත් නයි. මිනිස්සු මෝඩයින් කියලා හිතන් ඉන්නේ... ඇත්තටම අප්පිරියයි. ඇමති පට්ටමක් දැක්කොත් කෙළ හැලෙනවා. හැබැයි රට වෙනුවෙන් කියලා කියන්නේ...
මෙයත් මේ කරන්නේ එදා අරලිය ගහ මන්දිරයේදී මිනිස්සු උසිගැන්නුවා වගේ මිනිස්සු උසිගන්වන එක... පහුගිය කාලේ යටිකූට්ටු වැඩකට, මත්ස්‍ය ව්‍යාපාරයකට බලහත්කාරයෙන් වතුර ගන්න ගිහිල්ලා ගොවියන්ගෙන් ගුටිකනකොට බේරුණේ 99න්. මේ වගේ අය අයිත් නම් පාර්ලිමේන්තු එවන්න එපා.., ජනතාවනේ...
මෙවැනි රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යැවීම නිසා අද අපට මෙවැනි දේවල් සිදුව ඇත.
88,89 කථා දැන් පරණ වැඩියි මිත්‍රයා, ඒවා දැන් එක්ස්පයර්... අලුත් එකක් හොයාගන්න.
කමකට නැති කෙනෙක්. උත්සාහයෙන් තනියම ඉගෙනගත්තු කෙනෙක් කිව්වාම අපි ගරුකළා. ඒත් කිසිම මානුෂීය ගති නැති, කතාකරන්නවත් දන්නේ නැති අයෙක්..!
මේ බුද්ධි හීන, විනයක්, ලැජ්ජාවක්, ගරුත්වයක් නැති අඳ බාල පුද්ගලයා කියන කතා ගණන් ගන්න එපා...!