
(අංජුල මහික වීරරත්න)
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතය.
අනතුරුව, ජනාධිපතිවරයා ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මුලස්ථානයේ (DIHK) පැවැත්වෙන ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය අතර හමුව අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී පැවැත්වේ.
මේ අතර අද පස්වරුවේදී, ජනාධිපතිවරයා ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතය.
ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරයට එක් වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසද මෙම අවස්ථා සඳහා සහභාගී වනු ඇත.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිගේ ජර්මානු සංචාරයේ තෙවන දිනය අද
යෝගා Friday, 13 June 2025 01:18 PM
එහෙනම් අද තමයි අරයව හම්බ වෙලා ගනුදෙනු පියවාගන්න දවස.
amare Friday, 13 June 2025 03:50 PM
මේක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවෙයි. ජර්මන් රජයේ ප්‍රධානියා චාන්සලර් වරයායි. ජර්මන් ජනාධිපති කියන්නේ නාමමාත්‍රික අයෙකු පමණයි. මේක නිකන් ජබයියන්ව රවට්ටන්න ගහපු තවත් ගේමක් විතරයි. බලන්නකෝ අන්තිමට මොනවාද මෙයා ජර්මනියෙන් ගෙනෙන්නේ? එහෙම නැත්නම් කිසියම් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එහෙම අත්සන් කළාද කියලා. එහෙම කිසිදෙයක් මෙතැනදී ලැබෙන්නේ නැහැ.