(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ කතාව සහ ක්‍රියාව අතර විශාල පරස්පරයක් පවතින බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

ජනාධිපතිවරයා හදිසි නීතිය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැතැයි කියූවත් හදිසි නීතිය ප්‍රකාශ කර පැය 24ක් යන්න පෙර දිස්ත්‍රික්ක හතකට ආරක්ෂක හමුදාවන් කැඳවන්න බලය දෙන විදියේ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙන බවද බාකීර් මාකර් මහතා කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ බාකීර් මාකර් මහතා:-

මේ දෙබිඩි හැසිරීමක්. එතුමා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වෙලා ඉන්නකොට ජාත්‍යන්තරට ගිහිල්ලා කිව්වේ මොකක්ද? අපි ත්‍රස්තවාදී පනත අකුල ගන්නවා කිව්වා.නමුත් අද පිළිකුල් සහගත විදිහට ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරනවා .විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් දඩයම් කරනවා. මොනවද මේ රටට වෙන්නේ. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන  උද්ඝෝෂණය කරන ශිෂ්‍ය නායකයින්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවා කියලා චෝදනා කරලා රඳවාගෙන සිටිනවා.