(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇත.
රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිලිබඳවත් ජනාධිපතිවරයා එහිදී රට හමුවේ කරුණු පැහැදිලි කරනු ඇතැයි වාර්තා වේ .
මේ අතර, ජනාධිපතිවරයා හෙට (21) දිනයේ දී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ,රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට පරිප්පු සහ සැමන් ටින් වල මිල අඩු කිරීමට නියමිතයි.
මෙතුමාව නම් ජනතාව දැන් හොඳට අමතනවා
සතුටුයි.ගොවි ජනතාව ගැනත් බලන්න.
ඔබතුමන් 100% ක් අසමත් බව තහවුරු වී ඇත. 2015 ට පෙර, 2015-2019 සහ ඉන් පසු දුෂණ, වංචා, මැරකම් සිදු කිරීම් සම්බන්ධ ඔබ තුමන්ගේ නෑදෑ, හිතමිතුරු සියල්ලන් මේ වන විට නිදහස් කරගෙන ඇතැයි සිතමි. තවත් කිහිපදෙනෙක් හෝ චෝදනා සහිතව ඇත්නම් ජනපති බලතල යොදාගෙන ඔවුන්ද නිදහස් කර, ඔබතුමන් තනතුරින් ඉල්ලා අස්වීමට හෝ දෛනිකව සිය ගණනින් මිය යෑම වැළැක්වීමට යම් ඵලදායි උත්සහයක් ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවන්නේ නම් ඔබ බලයට පත්කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ මා ඇතුළු 69 ලක්‍ෂය අතුරින් අති බහුතරයේ පසුතැවිල්ල ඔබතුමන් හට සාපයක් වීම වැළැක්විය නොහැක.
අවසන් තීරණය රට නොවැසීම නම් අහිංසක මහජනයාට දෙවියන්ගේම පිහිටයි.
ඡන්දෙට කලින් අතේ බැන්ඳේ පිරිත් කඹ. දැන්නම් අතේ තියෙන්නේ ඥාණක්කාගේ රතු නූල....
කියන්න දෙයක් ඉතුරු වෙලා තියනවද ?
ගිය පාර ජාතිය ඇමතූව මතකද ? බාගයක් අහනකොට එපා උනා . ඒක නිසා මෙදා පාර කලින්ම තීරණය කරා මොකක්ද කරන්න ඕන කියලා . ඕක අහල වෙලාව නාස්ති කර ගන්නේ මොකටද .
අර අලුතෙන් ගත්ත මාධ්‍ය ඔස්තාර්ලා " පාස්පෝර්ට් එකෙන් විතරක් නොවේ.., වැඩකිඩ වලිනුත් ඇමෙරිකන්" කියලා පෙන්වන්න හදලා දුන්නු කාමරයේ ඉඳලා වෙන්න ඇති මේ සැරේ ජාතිය අමතන්නේ. ජාතිය නම් හැම දවසකම උදේ, හවා... ලුණු, මිරිස් ඇතුව එතුමා අමතන එක ආරංචි වෙලා වෙන්න ඇති මගේ හිතේ...
ජනාධිපති, ජාතිය ඇමතීමට පෙර ..ජාතිය විසින් ජනාධිපති අමතා අවසන්...!!!
ජාතිය ඔබගේ ජාතකය අමතනු ඇත...
ඔබ ජාතිය අමතන විට, නියමිත වේලාවට එන්නත් ඇණවුම් කිරීමට අපොහොසත් වීම, දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්‍ෂව මරණ 6790 ක්, කාර්ය සාධක බලකායේ මැදිහත්වීම, කොවිඩ් -19 සංඛ්‍යාලේඛන විෂමතාව, බදු ප්‍රතිශතය 15 සිට8 දක්වා අඩු කිරීම ගැන කතා කිරීමට අමතක නොකරන්න.
හොඳටම කරපු හැටි කියන්නද.?
ඕක අද කරන්න බැරි මොකද ?
ජාතිය ඇමතීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ ජනාධිපතිතුමා...
මොන බොරුවක්ද කෙලින්නෙ කියලා අහගෙන ඉදියි කට්ටියම.
සමස්තයක් ලෙස රටේ වැඩි පිරිසක් දිනපතාම ඔබව අමතන වෙලාවක ජාතිය ඇමතීම හොදයි.කේවට්ටයොයි,ඝට්ටැබියොයි,අරන්මොල හතේ කෙනයි දෙන උපදෙස් අනුවම අද කතාව කරන්න.රටකට පලමුව වටින්නේ මානව සම්පත.නමුත් මෙහෙට සල්ලි . මීනි කඳු උඩින්ම.ගමන යන්න.මං පොර මානසිකත්වයෙන්ම ඉන්න .ඔබට ජය
හුටා, හෙට රෑට තවත් විනෝද සමයක් බලන්න පුළුවන් . බයිට් ලැහැස්ති කරගෙන ඉන්න
ඔක්කෝම කියන්නේ වහන්න කියලා. මම වැඩට ගියොත් විතරයි පඩි හම්බවෙන්නේ. නැත්නම් 14200 දෙන්නේ. අම්මා අසනීපෙන් ඉන්නෙත්, ගෙදර කටවල් 4ක් පුරවන්න ඕන.
අමතනවා , අමතනවා . පත් උන දවසේ ඉඳල හොඳටම අමතනවා .
ජනාධිපතිතුමනි, ලොක්ඩවුන් කාලසීමාවේ සේවයට කැඳවන සේවකයන්ට වැඩකරන දින වලට පමණක් වැටුප් ගෙවිය යුතු චක්‍රලේඛයක් හදන්න. සුලු ව්‍යාපාරිකයො වශයෙන් වැඩ නොකර පඩි ගෙවන්න අපට අපහසුයි. පසුගිය ලොක්ඩවුන් කාලයේ කිසිදු දිනක ආයතනය විවෘත නොකර මාස දෙකක පඩි දෙන්න උනා. රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුප් ලැබෙන නිසා නිරෝධනය නීතීන්ට යටත්ව අනිවාර්යයෙන් වසා තැබිය යුතු ආයතන සේවකයින් පිලිබද කිසිදු හැගීමක් නෑ. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක රට වෙනුවෙන් හැමෝම කැපවීම් කරන්න ඕනෙ.
අපි තමයි හොඳටම කරේ කියන්නේ බැරිබැරියාව වහගන්නද? එක පැත්තකින් මිනිස්සු මැරෙනවා... මේ වෙලාවේ හැටියට එක වේලක් ඇර එක වේලක් හරි කාලා ඉන්න නෑ... බඩුමිල අහස උසට. සීනි 175 පරිප්පු පිටකොටුව තොග මිල 210/= හාල් 100-120යි. කිරි පිටි නෑ, ගෑස් නෑ මේ ජනාධිපති කරපු ලොකුම වැරැද්ද පී බී ජයසුන්දර වගේ කෙනෙක් ජනාධිපති ලේකම් කළා. මහින්දානන්ද, ජොන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධන වගේ අයට ඇමැතිකම් දුන්නා. බන්දුල වගේ අසමත් කෙනෙක්ටත් ඇමතිකම් දුන්නා..
කලබල නොවන්න ඒ දෛනිකව කොවිඩ් ආසාධිතව මියයන සිය ගණනක් වන ලාංකිකයින්ගේ නික්මයාම ශබ්ධ තරංග බවට පරිවර්තන වීමෙන් ඇතිවන දෝංකාරයයි.
මොකද රාත්‍රිය වෙනකම් ඉන්නේ ?
ගිය සැරේ ඇමතීම වගේ වෙයිද සර්.?
69 ලක්ෂයේ මෝඩයින්ට සුරඟනා කතා ටිකක් කියාවි අහගෙන ඉඳලා කිරිබත් කාපල්ලා... කොල්වින් ආර් ඩි සිල්වා වරක් ජේ.අාර්. ගෙන් මෙසේ ඇසුවේය.. "බැරි වෙලාවක හරි පිස්සෙක් මේ තනතුර පත්වුණොත් මොකද වෙන්නේ"
ජාතිය අමතලා මොනවා කිව්වත් ජනාධිපති ජාතියේම අප්‍රසාදයට, කෝපයට හා පිළිකුලට ලක්වී අවසානයි. ජනහඬට කන් නොදෙන හිතුවක්කාර, උද්දච්ච පාලනයක් ලෙසයි දකින්නේ. අද මුළු රටම කොරෝනා භීතියෙන් වෙළිලා... නගරවල කඩ ඇරියට මිනිස්සු නෑ. මිනිස්සු මැරෙද්දි කොහොමද ආර්ථිකය ගොඩ එන්නේ..? අපිට නම් මේ නමවත් එපා...
රට බේරගන්න කියලා ආපු අයගේ අන්තිමට පණ බේරගන්න වුනේ..!!!
ජනපති ජාතිය අමතනකොට ජනතාව ජනපතිගේ මව මතක් කරලා අමතනවා. ලක්ෂ 69ක් මරලතෝනි දෙනවා. ඉන්න ආණ්ඩුවයි, විපක්ෂ දේශපාලන පක්ෂයි බිලි පූජාව තියෙනවා.. අපේ හාමුදුරුවනේ, මව්බිමට වෙච්චි දෙයක්...
අපි නම් උදේ හවා ඔබතුමා අමතනවා..!!!
තව සුමානෙකට විතර විහිළු සපයයි.
හරි උපාය මාර්ගවලින් මේ මරණ අඩු කරන්න. මිනිස්සු මොනතරම් මරණ බියකින්ද ඉන්නේ? එ්ක තේරුම් ගන්නේ නැතිව අමතලා මොනවා කියන්නද?
තවත් කවුරුහරි මැරයෙක්ව හිරෙන් නිදහස් කරන්න වත්ද..?
අර අලුතෙන් ගත්ත මාධ්‍ය ඔස්තාර් ඉන්න තැන හිටියා නම්, අද මෙහම බාල්දු වෙන්න නැහැ.
අද උදේ ගමේ කඩේට ගියා ගෙදටර අවශ්‍ය සිල්ලර බඩු ටිකක් ගේන්න. දෙළෝ රත් වුණා අලුත් මිල අහල-ඇයි මෙහෙම අපිටම වෙන්නෙ. ජනාධිපති තුමනි. දුප්පත් ජනතාව ජීවත්වෙන්නෙ හරිම අමාරුවෙන්. එහෙමත් වෙද්දි බඩු මිල්ත් වැඩිකරන එක සාධාරණද, කරුණාකරල ස්ථිර ආදායමක් නැති ජනතාවටත සහනයක් සලසන්න
මට ඇහුනේ නෑ... මොකක්ද කිව්වේ? ජාතකය අමතයි...ද?