(සුජිත් හේවාජුලිගේ)
රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.
රෝගීන්ට උපරිම සේවා පහසුකම් සැපයීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙසේ කටයුතු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර පහසුකම් ලබාදීම සඳහා තවත් සැලසුම් කිහිපයක්ම ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා කොවිඩ් මරණ වලක්වා ගැනීමට ඇති එකම විසඳුම කොවිඩ් එන්නත්කරණය බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට හිනා වෙන්න ද අඩන්න ද මන්දා. ඇයි ලැබෙන විස්තර අවිශ්වාස ද?
එයාට ඔය වාර්ථා දීල වැඩක් නැහැ. ඒවා දොස්තරලට දෙන්න.එයාට ඕවාගේ බැරැරුම් කම තේරුම් ගන්න බුද්දියක් එයාට නැහැ. තිබුන නම් රට මෙච්චර විනාශයක් වෙන්නෙ නැහැ.
අර RMV එකට කඩා පැනලා වගේ යන්නකෝ ඔය රෝහල් දෙක තුනක .රෝහල් සමඟ පිලිසඳරක් වැඩසටහන කරන්න
ඒක හොඳයි . ධාරිතාව පිරී ඇතිනම් ඒ සඳහා උපක්‍රම භාවිතා කළ හැකියි.ධාරිතාවය තිබයදීත් අපි ඉවරයි ලෙඩ්ඩු වැඩියි කිය කියා නහින කොටසකුත් ඉන්න නිසා ඒකත් හොයා ගන්න පුලුවන්
ආමි එකේ එක්කෙනාගෙන් නේ ඒකත් අහන්නෙ දෙයියනේ .
හොඳ අදහසක්. ස්තුතියි
හොඳ අදහසක්. ස්තුතියි
එතකොට මේ මාධ්‍ය වාර්තා කරන ඒවා බොරු වෙන්න ඇති නේද ?අනේ නිකන් කාලේ නාස්ති කරලා තවත් මිනිස්සු මරාගන්නයි යන්නේ
ලෙඩේ මුලින්ම හඳුනාගත් අවස්ථාවලදී ටික දවසකට රට වහලා රෝගීන් හා ආශ්‍රිතයින් වෙන් කරගෙන රට අරින්න තිබුණා. එහෙම වුණානම් මිනිස්සු මේ තරම් පීඩාවට පත්වෙන්නේ නැහැ. මේ තරම් මුදල් නාස්තියක් සිද්ද වෙන්නෙත් නෑ. ඔය කවුරුවත් එහෙම එහෙම කරන්න බැලුවේ නැහැ. දැන් සියලු සම්පත් වල ධාරිතාවය ඉක්මවා ගිහින්... දැන් රෝහල් නෙමෙයි ආදාහනාගාර හදන්න පටන් ගන්න. එදිනෙදා හම්බ කරන් කන මිනිස්සු දැන් ඉඳන් පඳුරට වැටිලා ඉවරයි. ආයේ බිමට වැටුණයි කියලා අලුතින් රිදෙන්නේ නෑ..
ජන ජීවිතයද, නැතහොත් ආර්ථිකයද වැදගත් වන්නේ කියන දේ තක්සේරු කරගන්න බැරි පාලකයින් මේ හදන්නේ පැලැස්තර දැමීමක්. රෝහල්වල ධාරිතාව අහන්නේ තත්වය උග්‍රවුණාම. වෛද්‍යවරු හැමෝම කිව්ව දේ අහන්න බැරි පාලකයා මේ අවස්ථාවේදී ජනතාව බිල්ලට දෙන්නේ තමන්ගේ උද්දච්චකම නිසාවෙනි...
දැන් ද ඒක චෙක් කරලා බලන්න මතක් වුනේ.. අපිට දෙයියන්ටම බාරයි.
සර්, හමුදා භටයින් සෙට් එකක පිරිවරාගෙන රෝහලකට කඩා පැනලා... එය කොරෝනා කියන එක බෙල්ලෙන් අල්ලන් මරා දමලා බල්ලෙක් වගේ ඇදගෙන එන්න.