
(අංජුල මහික වීරරත්න)
නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මොන අවමගුලටද ඔබලා කලින්ම පාර්ලිමෙන්තුව විසුරුවලා, නාගධාතු වඩම්මලා ඒ මනුස්සයාව ඇපත් නැති කරලා ගෙදර යැව්වේ...!
දෙමළුන්ට 13 දීම රටට අනාගතේ තර්ජනයක්... ඒ නිසා 13 දෙන්න හෝ ISGA ක්‍රියාත්මක කිරීම හිතන්නවත් එපා කියන්න. දෙමළ ප්‍රශ්න ක්‍රි:පුර්ව 135 සිට පැවත එන එකක්. වැස්සට ගොඩ වෙච්චි කෙනා ගෙදර උළුවහු වෙනස් කරන්න කථා කෙරුවා වගේ... අවුරුදු 2න් පත්වෙච්චි ගොයියා අවුරුදු දහස් ගණනක් පරණ ප්‍රශ්න විසඳන්න ගිහින් ලී කොටේට ගහලා තිබ්බ කුඥ්ඥ ඇද්ද වඳුරාට වෙච්චි දේ කරගනීවි. ඒ බව එයාට කියන්න...
අපට ඔබතුමා විශ්වාස වුණාට අනිත් අය විශ්වාස නැහැ...
පොහොට්ටුවේ හොරු රංචුවක් ළංකරගෙන ඒකේ ලොක්කන්ගේ උපදෙස් අනුව සියලු දේ කරමින් රටට කරන්නේ හොඳක්ද?
දේශපාලුවන් කියන කතා ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. වියත් මග, සෞභාග්‍යයේ දැක්ම කියලා කරපු හරියත් ලෝකෙම දැක්කා...
මේ පින් ජනාධිපති රටටම තර්ජනයක්...
මේ මිනිස්සු කියපු දේවල් කරලා තමයි අපි හොම්බෙන් ගියේ... තවත් විශ්වාස කරන්න එපා. අපි දැන් මාලිමාවට ගියා...!
කලින් අය රට කාලා ගියා. දැන් ආයෙත් අල්ලන්න පටන් අරගෙන. අර තොප්පියේ කතාව ඇත්ත වගේ බැලුවාම...