(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් අරමුණු අද ටිකෙන් ටික ඉටු වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා රට බාර ගත්තේ ආර්ථිකය ගොඩ නඟන්නට බව කී විජයවර්ධන මහතා අද වන විය ඉන්ධන පෝලිම්,ගෑස් පෝලිම් නැතිවී රට සාමාන්‍ය කරණයකට ලක් වෙමින් තිබෙන බවද සඳහන් කළේය.
රට බාර ගෙන ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකයින් රැසකගෙන් ඉල්ලීම් කළත් කිසිවකුත් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් බවද රුවන් විජයවර්ධන මහතා කීය.
ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ගොවි ජනතාව සඳහා පොහොර ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙන බව ද විජයවර්ධන මහතා සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න, යන්න අර මොකක්ද වැටෙනකන් පස්සෙන් ගියා වගේ...
ඔව් ඉතින්... එහෙයි කියන්නනේ ඔයාව පත්කරගෙන ඉන්නේ... බයවෙන්න එපා මොන දෙයක් කිව්වේ නැති වුණත් සිරිකොතේ පුටුව නම් ඔයාට ලැබෙයි. ඡන්ද ලැබෙන එක නම් අපි වගකියන්නේ නෑ.
රාජපක්ෂලාව නැවත කරළියට ගෙන ඒමද?
අනේ ඔව්. රාජපක්ෂ වරුන්ගේ අරමුණ ටිකෙන් ටික ඉටුවේගෙන එනවා. ලගදිම ගොඨාභයත් ආපහු එයි.
ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම පොතේ දෙවන පිටුව මතක්වෙනවා මේවා කියනකොට.. තෙල් පෝලිම ඉවරයිලු.. දුර කූලීගමන් යන වාහන අනාථයි.. ශෙඩ්වල ආදායම පහළට..