
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරන පක්ෂ නායක කමිටුව පාර්ලිමේන්තු වාර අවසානයත් සමඟ අහෝසි වී ඇති හෙයින් ඉහත කල් තැබීමේ විවාදය ජනවාරි 19, 20 හෝ 21 දින වලින් එකක දී පැවැත්වීම සුදුසු බවද රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
ඉහත විවාදය සම්බන්ධයෙන් තමා ජනවාරි 3 වැනි දින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථනයෙන් කතා කළ බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට පසුව ඊට අදාළව මෙවැනි විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස පැවත ගෙන එන බව ද සිහිපත් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොංගල්ද මැතිතුමා? කොහේද ලංකාවේ රජෙක් ඉන්නේ..? මහරජාණෝ 2015දී ඔබතුමා එකතු වෙලා ගෙදර යැව්වනේ.... දැන් ඉන්නේ ජනාධිපති කෙනෙක්... ඔහොම කියලා එයත් මහරජෙක් කරන්න එපා...
අනේ මෙයාගෙ මහලොකු සාම්ප්‍රදායික කතාව... සර් ෆේල්... ඒක කියන්න බයයි.