
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .
වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවත්, වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී වෛද්‍යවරුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකයි එයාලා විතරක් හමු වුණාට සෞඛ්‍ය අනෙක් වෘතිකයන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑනේ. නිකන් කැත වැඩ කරන්න එපා.
එතුමාගේ නීලකාස බොරුවලින් පිරි සුරංගනා කතාවලට තව දුරටත් රැවටෙනවා දැයි දොස්තරවරු තීරණය කළ යුතුය.
රටේ තියෙන එකම වෘත්තිය වෛද්‍ය වෘත්තිය විතරයි. එයාලගේ ප්‍රශ්න විතරක් විසද විසද ඉන්න. අනිත් වෘත්තීන් හැමෝම වගෙ රට දාල යනවා. එයාලව ගෙන්න ගෙන වෙනත් රටවල් දිනෙන් දින දියුණු වෙනවා. අපි එයාලගෙන් ණය අරගෙන මෙයාලගෙ ප්‍රශ්න විසදන්ව. මේ කපේදි මෙ රට ගොඩගන්න බෑ. මෙයාලා එක්ක.
විධායක බලේ තියෙන ජනාධිපති ඉන්නේ ලොක්කන්ට බටර් ගාන්න නෙමෙයි, රටේ වියදමෙන් ඉගෙන ගත්තා නම් දැන් රටට සේවය කරපල්ලා කියලා කණින් අල්ලලා වැඩ ගන්නයි.