(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද?නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වූ නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන 'දිවයින ' පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවයට එක්වෙමිනි.
මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිo ජනාධිපති රටේ නීතියට අනුව කටයුතු කරනවාද?
ගැටලුව තිබෙන දේශපාලන භාවිතයේ සහ දේශපාලකයාගේ චර්යාවේ - ඔබ නිදොස්, යහපත් ආකල්ප තිබෙන, දියුණු මනුෂ්‍ය චර්යාවක් තිබෙන දේශපාලකයෙකු වන්න, එවිට සමස්ත මාධ්‍යම ඔබව ආරක්ෂා කරනු ඇත! එය හුදු නීතිය අභිබවා යන පරම නිතිය වනු ඇත!
ලොක්ක දෙන ආතල් බැලුවම හිනා යනවා. කොහෙද මේ රටේ නිතියට වැඩක් වෙන්නෙ. අඩු ගානේ උසාවියෙන් කියනදේවත් අහන පාලකයෙක්ද ඉන්නෙ. හිගාකන්න ණය ගන්න හැම දේකටම ජාත්‍යන්තරේ හොදයි. පාස්කු ප්‍රහාර ගැන විතරක් හොයන්න ජාත්‍යන්තරේ හොද නෑ
පලමු කරුණ ජත්‍යන්තර ගිවිසුම හා රටේ නීතිය දෙකක් වෙන්න බැහැ, එහෙම වෙනවා නම් එතන අවුලක් තිබිය යුතුයි. දෙවෙනි කරුණ රටේ නීතිය යනු ඒ වේලාවේ බලයේ ඉන්න පාලක කල්ලියේ කැමැත්ත හා උවමනා නොවිය යුතුයි. තුන්වෙනි කරුණ කිසිම ජනමතයක් නැති ආණ්ඩුවකට මෙවැනි දේවල් ගැනි තීරණය ගැනීමට කිසිදු අයිතියක් හෝ සදාචාරත්මක වගකීමක් නොමැතිව මතක තබා ගතයුතුය.
හොර තක්කඩිකම් වලින් පිරුණු මිනිස්සු සමාජ මාධ්‍යට බයයි .හරියට අපි පඩි ගෙවනා රස්සාව කරන්න .එවිට සමාජය ඔබව ආරක්ෂා කරනු ඇත.මේ මිනිහාගේ නිකන් කයිවාරු විතරයි .කිසිම දැක්මක් නැති පුස් මිනිහෙක්
මූට ජනතාවට අධිපතිකම් කරන්න චන්දෙ දීලා තියනවද ?