
(ඩයනා උදයංගනී)
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණෙමින් සිටිති.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ බස් රථ ධාවනය අඩාල වී සහ පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාගැනීම දුෂ්කර වී ඇති අවස්ථාවක වුවත් අද (11) දින්යේත් විශාල ජනකායක් මෙම ස්ථාන නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
දුම්රියවල ද විශාල ජනකායක් කොළඹ නගරයට පැමිණෙන අතර මේ හේතුවෙන් දුම්රියන්හි දැඩි තදබදයක් පැවතිණි.
සිවු දිගින් පැමිණෙන දහස් සංඛ්‍යාත ජනකාය හේතුවෙන් එම ස්ථාන අසල ද දැඩි තදබදයක් පවතින අතර, ජනතාව එම පරිශ්‍ර වෙත පිවිසීම සඳහා කිලෝමීටර ගණන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දක්නට ලැබිණි.
විශේෂයෙන් ද ජනාධිපති මන්දිරය දැකබලා ගැනීම සඳහා ජනතාව අතර දැඩි උනන්දුවක් පැවතිණි.
දුම්රියවල පැමිණි ඇතැමුන් පැවසුවේ මෙම මන්දිර දැකබලාගැනීම සඳහා ලැබුණු මෙම අවස්ථාව යළිත් කිසි දිනෙක නොලැබෙන බැවින් අපහසුතා මධ්‍යයේ හෝ ගොස් එය දැකබලා ගැනීමට යන බවයි.
මෙම මන්දිර නැරඹීමට යන ජනතාව ඒවායේ රිසි සේ සැරි සරමින්, ඒවායේ ඇති රූපවාහිනී යන්ත්‍ර, ස්ත්‍රික්ක, දුරකතන, නාන තටාක, කායවර්ධන උපකරණ, ඇඳන් ආදිය පවා භාවිතා කරනු පසුගිය දිනවල දැකගත හැකි විය.
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් ඉකුත් 9 වැනිදා අත්පත් කරගත් අතර ඒවා තවමත් පවතින්නේ ඔවුන් යටතේය. මේ වන විට ගෝඨා ගෝ ගම තිබූ මහජන පුස්කතාලය ද අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ස්ථාපිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ එකටත් පෝලිමක්.
ජනතාවට පෙන්නන එකත් හොඳ දෙයක්. අරගලයේදී වුණු විනාශයත් ජනතාවට දැකගන්න පුළුවනි..!
යන්න. ගිහින් එහි ඇති කව්තුක වටිනාකම් ඇති වස්තුන් වනසන්න. එසේ නැත්නම් තමන්ගේ ගෙවල්වලට ගෙනියන්න. එමගින් අපි එසේ මෙසේ අරගලකාරයන් නොවන බව ලෝකයට පෙන්වන්න.
බයවෙන්න එපා ඔය විදියටම ලබන මාසේ ඉඳලා පෝලිම්වල ඉන්න වෙනවා රටේ උද්දමනය 70% කින් වැඩි උනාම!
මෙ වගේ අමනෝඥ මිනිස්සු ඉන්න රටක මොන සිස්ටම් චේන්ජ් ද ? අ
ඔහොම තවත් පෝලිම්වල ඉන්නේ නැතිව, ගෙවතු වගාවක් කරගත්තානම් නරකද? කන්ඩ නෑ කිය කියා ලෝකෙට පෙන්නුවාට, ජනාධිපති මන්දිරය බලන්න එන අය කවුරුවත් මන්දපෝෂණයෙන් පෙළෙන බවක්නම් පේන්න නැහැ නේද?
ඔය ගමන් ටිකක් පහලට ගිහිල්ලා අලි නාවන බෙසමත් බලලා හෝ ගාන පොකුණට හිගිල්ලා වතුර පාගලා. නැව් බලලාම යන්න. බන්ඩා නගරයට පැමිනීම සිහි වෙනවා.
මුන්ට පිස්සු.. අපි හරි අමුතු ජාතියක්.. ථෙල් පෝලිම්, කොවිඩ් පොලිම් දැන් රජගෙදර බලන්න පොලිම්.