IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජනපති මැදුර බලන්න සිවු දෙසින් ජන ගඟක්

(ඩයනා උදයංගනී)

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණෙමින් සිටිති.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ බස් රථ ධාවනය අඩාල වී සහ පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාගැනීම දුෂ්කර වී ඇති අවස්ථාවක වුවත් අද (11) දින්යේත් විශාල ජනකායක් මෙම ස්ථාන නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

දුම්රියවල ද විශාල ජනකායක් කොළඹ නගරයට පැමිණෙන අතර මේ හේතුවෙන් දුම්රියන්හි දැඩි තදබදයක් පැවතිණි.

සිවු දිගින් පැමිණෙන දහස් සංඛ්‍යාත ජනකාය හේතුවෙන් එම ස්ථාන අසල ද දැඩි තදබදයක් පවතින අතර, ජනතාව එම පරිශ්‍ර වෙත පිවිසීම සඳහා කිලෝමීටර ගණන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දක්නට ලැබිණි.

විශේෂයෙන් ද ජනාධිපති මන්දිරය දැකබලා ගැනීම සඳහා ජනතාව අතර දැඩි උනන්දුවක් පැවතිණි.

දුම්රියවල පැමිණි ඇතැමුන් පැවසුවේ මෙම මන්දිර දැකබලාගැනීම සඳහා ලැබුණු මෙම අවස්ථාව යළිත් කිසි දිනෙක නොලැබෙන බැවින් අපහසුතා මධ්‍යයේ හෝ ගොස් එය දැකබලා ගැනීමට යන බවයි.

මෙම මන්දිර නැරඹීමට යන ජනතාව ඒවායේ රිසි සේ සැරි සරමින්, ඒවායේ ඇති රූපවාහිනී යන්ත්‍ර, ස්ත්‍රික්ක, දුරකතන, නාන තටාක, කායවර්ධන උපකරණ, ඇඳන් ආදිය පවා භාවිතා කරනු පසුගිය දිනවල දැකගත හැකි විය.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් ඉකුත් 9 වැනිදා අත්පත් කරගත් අතර ඒවා තවමත් පවතින්නේ ඔවුන් යටතේය. මේ වන විට ගෝඨා ගෝ ගම තිබූ මහජන පුස්කතාලය ද අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ස්ථාපිත කර ඇත.

 



අදහස් (9)

ජනපති මැදුර බලන්න සිවු දෙසින් ජන ගඟක්

kamal Monday, 11 July 2022 05:05 PM

වැඩේ කියන්නේ එකටත් පෝලිමක්.

:       0       0

chandima Monday, 11 July 2022 06:39 PM

ජනතාවට පෙන්නන එකත් හොඳ දෙයක්. අරගලයේදී වුණු විනාශයත් ජනතාවට දැකගන්න පුළුවනි..!

:       9       18

Chandima Fonseka Tuesday, 12 July 2022 12:02 AM

ඔය තැන වලට අපේ මිනිස්සු තොග ගානේ එනකොට තොග ගානට ජාතික දේපල වලටත් මහා විනාශයක් වෙන්නේ. මොකද අපේ මිනිස්සු ඔය ජපානේ වගේ රටවල මිනිස්සු වගේ සංයමයකින් විනයකින් කටයුතු කරන්න ඉගෙන ගත්තු ජාතියක් නෙමෙයි. දැක්කනේ සමහරු ආතල් ගන්න කියාලා ඇඳන් මෙට්ට පාගලා විනාශ කරනවා.

:       0       0

මැක්ස් Monday, 11 July 2022 08:04 PM

යන්න. ගිහින් එහි ඇති කව්තුක වටිනාකම් ඇති වස්තුන් වනසන්න. එසේ නැත්නම් තමන්ගේ ගෙවල්වලට ගෙනියන්න. එමගින් අපි එසේ මෙසේ අරගලකාරයන් නොවන බව ලෝකයට පෙන්වන්න.

:       0       0

70% Monday, 11 July 2022 09:46 PM

බයවෙන්න එපා ඔය විදියටම ලබන මාසේ ඉඳලා පෝලිම්වල ඉන්න වෙනවා රටේ උද්දමනය 70% කින් වැඩි උනාම!

:       0       0

Tikiri Tuesday, 12 July 2022 08:11 AM

මෙ වගේ අමනෝඥ මිනිස්සු ඉන්න රටක මොන සිස්ටම් චේන්ජ් ද ? අ

:       0       0

BT Tuesday, 12 July 2022 09:20 AM

ඔහොම තවත් පෝලිම්වල ඉන්නේ නැතිව, ගෙවතු වගාවක් කරගත්තානම් නරකද? කන්ඩ නෑ කිය කියා ලෝකෙට පෙන්නුවාට, ජනාධිපති මන්දිරය බලන්න එන අය කවුරුවත් මන්දපෝෂණයෙන් පෙළෙන බවක්නම් පේන්න නැහැ නේද?

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 07:59 AM

ඔය ගමන් ටිකක් පහලට ගිහිල්ලා අලි නාවන බෙසමත් බලලා හෝ ගාන පොකුණට හිගිල්ලා වතුර පාගලා. නැව් බලලාම යන්න. බන්ඩා නගරයට පැමිනීම සිහි වෙනවා.

:       0       0

yasantha Thursday, 14 July 2022 10:04 AM

මුන්ට පිස්සු.. අපි හරි අමුතු ජාතියක්.. ථෙල් පෝලිම්, කොවිඩ් පොලිම් දැන් රජගෙදර බලන්න පොලිම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site