(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.
අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු ,ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නිමල් ලන්සා,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
එම කමිටුව සෑම සතියකම රැස්විය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
මේ අතර ජනාධිපතිවරයා විසින් දේශපාලන කැබිනෙට්ටුවද රැස්කර ඇති අතර ඉකුත් සඳුදා පළමු වරට රැස්වූ දේශපාලන කැබිනටුවේදී ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් සංවිධානය වන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදැන මුත්තා වටා සිටින ගෝලයෝ රොත්ත. මේ අයව ගාව ගත්තාම පරාජය තවත් තීව්‍ර වෙනවා. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගෙන ඇත්තේ ඇයි?
කියලා තිබුණා නේද මෙයා නිර්පාක්ෂිකයි කියලා... හැමතැනම බොරුව...