හර්ෂණ තුෂාර සිල්වා
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හා තමන් වෙත පැවරී තිබෙන බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ සිටින මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හමුවෙමින් ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබේ.
නව ආණ්ඩුව නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් සෑම රටක් සමඟම ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහයෝගය බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැති මෙම හමුවට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 40කට ආසන්න පිරිසක් සහභාගී වූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේය.
රටේ මහජනතාවගෙන් සියයට 70ත් 75ත් අතර පිරිසක් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුය යන මතයේ සිටින බවත් ජනතාවගේ හද ගැස්ම හඳුනා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ තීරණය ගත් බවත් ජනාධිපතිවරයා මෙහිදි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ පවසා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් කියැවිණි.
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට යෑම බලාපොරොත්තුව බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි තවදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර්.ගේ බහු බූත ව්‍යවස්ථාවට පුළුවන්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එසේ කල හැකියි. ඒ නිසයි කියන්නේ අපේ රටට පූර්ණ විධායක බලය ඇති ජනපති කෙනෙක් හෝ රජෙක් අවශ්‍ය බව.
ජනාදිපතිතුමා, සදාචාරය කියලා එකක් තියනවා නේද? නීති රීති තියෙන්න පුළුවන්. ලංකාවේ මිනිසුන්ට සාකච්චා කරලා ඕනෑම දෙයක් විසඳන්න පුළුවන්. මිනිස්සු පාර්ශව වලට බෙදිලා ඇන කොටා ගෙන ජීවිත හානි කර ගත්තොත් මොන අපරාදයක්ද? යහ ජීවනය, යහ පාලනය පොඩි දරුවන්ට කියා දෙන්න හොඳ අවස්ථාව මෙයයි. පාර්ලිමේන්තුව රැස් කරලා සමාදානයෙන් වාද විවාද කරලා. මෙම ව්‍යසනය නවත්වන්න පියවර ගන්න.
මේවා දකින්න සෝභිත හාමුදුරුවෝ හිටියා නම් මොනවා වෙයිද?
මේවා දකින්න සොභීත හාමුදුරුවෝ හිටියා නම් මොනවා වෙයිද?
2020 ඔබතුමාව වෙනස් කරනවාමයි....
කවුරු අගමැති වුනත් අපට කමක් නැහැ. එ්ත් එ්කට සුදුසු නියම පිළිවෙලක් තියනවා. පාර්ලිමේන්තුවෙන් පිටතදී ඔබතුමාගේ හිතුමනාපය අනුව මෙසේ කරපු එක වැරදියි කියලයි අපේ අදහස... රටේ ඇති වෙන කැළඹිලිවලට, මේ අවුල් ජාලයට සම්පූර්ණ වගකීම බාරගන්න වෙන්නේ ඔබතුමාටයි.
රටේ ජනතාවගෙන් 100% විශ්වාස කරනවා.. ජනාධිපති තනතුරට නුසුදුසුයි කියලා...