IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස්  ආයෝජකයන් දස දෙනෙකු   ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු විදෙස් ආයෝජකයන් පස් දෙනෙකු ඉදිරිපත්ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

මෙයට අමතරව යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම තාක්ෂණික අධ්‍යාපනික ආයතනයක්ද ඉදිරිපත්ව සිටින බව ඔහු සඳහන් කළේය.

යාපනය විශ්වවිද්‍යාලය පවත්වාගෙන යෑමට සුදුසු පරිසරයක් ඒ  ස්ථානයේ නොමැති බව පෙනී යන්නේ යැයිද  අමාත්‍යවරයා කීය. ජනාධිපති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුව ඇත.

ජනාධිපති බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් දැනටමත් පත් කර ඇති බවත් එම කමිටුවේ තීරණ අනුව මාසයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අනුර කරුණාතිලක මහතා පැවසීය.

ජනාධිපති බංගලා කිසිවක් දැනට ප්‍රතිසංස්කරණය නොකරන බවත් ඉදිරිපත් වන ආයෝජන  අනුව ප්‍රතිසංස්කරණය කරන ආකාරය  තීරණය කරන බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරයාට  දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන්  කොළඹ සහ මහනුවර බංගලාහැර
  ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න  මහතා පැවසීය.

රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී පිළිගැනීම් සහ හමුවීම් සඳහා කොළඹ ජනාධිපති මන්දිරයද  මහනුවර පෙරහර චාරිත්‍ර ඉටුකිරීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරයද අවශ්‍ය වන  බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර  යනු ලබන අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර කාලයක සිට භාවිතයට ගෙන  නොමැති බව රජය පවසයි.

යාපනය ජනාධිපති බංගලාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පසුගියදා එහි ගියේය.



 

 



අදහස් (5)

ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්

කමල් Sunday, 04 May 2025 12:28 PM

මාස ගාණක් තිස්සේ මේ ගැන කියවනවා විතරයි... ඉවරයක් නෑනේ.

:       0       0

සිල්වා Sunday, 04 May 2025 12:46 PM

ඇමැතිතුමා, සිරස්තල මැව්වාට මදි. ක්‍රියාත්මක වෙලා වැඩකරලා පෙන්නන්න.

:       0       1

රම්බොඩ Sunday, 04 May 2025 01:36 PM

මේවා මහලොකු දේවල් කියලයි මෙයාලා හිතාගෙන ඉන්නේ. නමුත් රජය සුත් මෙවැනි දෑ වෙනත් රටවලට දීමෙන් සිදුවන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මෙයාලා දකින්නේ නෑ. මෙයාලාට රටක් ජාතියක් ආගමක් නෑ. දේශපාලනයක් විතරයි තියෙන්නේ...

:       0       1

ගුණරත්න Monday, 05 May 2025 07:32 AM

ආණ්ඩුව රජයේ දේපල විකුණන් කනවා නොවෙයිද මේ? විදේශ ආයෝජකයෙක් ඉල්ලුවා කියල විශ්වවිද්‍යාලයට දෙන්න සුදුසු ඔවන පරිසරයක් වුනේ කොහොමද? කොළඹ විශ්වවිද්‍යාලය තියෙන්නේ කොහොම පරිසරයක්ද?

:       1       2

prasanna Monday, 05 May 2025 03:11 PM

ඕක රනිල් කරා නම් කියන්නේ... සීයා විකුණන් කනවා කියලා. මේ අය කන්නේ ඉල්ලන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site