
(අංජුල මහික වීරරත්න)
පරිසර අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පරිදි හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.
පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධුරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වන විට ජනාධිපතිවරයා වෙත පැවරී පවතියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සති අන්තයේ චීනයේ නිල සංචාරයක නිරත වන අතර නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව පරිසර අමාත්‍යවරයෙක් පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පත්කර ගන්න බැරිව මාසගාණක් තටමපු කෙනෙක් කොහොමද වෙන පත්වීම් හරියට, වේලාවට කරන්නේ? තවම හරි පොලිස්පති කෙනෙක් නෑ. මොවුන් පිස්සු නටනවා. ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, ජනමාධ්‍යයට සහ අනෙකුත් පක්ෂවලට කිසි ගාණක් නෑ. මේක පුදුම රටක්...