
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙත් මෙම කොමිෂන් 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසේ දේපළ හානි වීම් පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැක බලා ගැනීමට 2024 දී පමණක් රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් වැය කර ඇතැයිකී ජයතිස්ස මහතා රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හය දෙනාට කෝටි 37 කට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.
ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම පාතාලේ.
අපි නොකා නොබී හරි ආණ්ඩුවට බදු ගෙවනවානේ, උන්ට තිබුණේ එවා හොරකම් කරන්න නාස්ති කරන්න විතරයි කියලයි උන් හිතාගෙන ඉන්න ඇත්තේ.
කයියෝ කියන්නේ නිකන්ද? කියනවා විතරයි.
අසූචි කාපු බල්ලෝ අසූචි වටේම කැරකෙනවා.
මෙම අනවශ්‍ය වියදම් දේපල හානි පිටුපස සිටි අයගෙන් අයවිය යුතුමය...
දැන් මොකක් ද අපි කරන්න ඕනේ...?
සියලුම මූල්‍ය වංචා සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය
රටේ ජනතාවගෙ බදුමුදල් වලින් අනන්තවත් කොමිෂන්... හැබැයි, රටට, ජනතාවට වෙච්චි සෙතක්නම් නෑ. මහ බැංකු වංචාවටත් කොමිසමක් දැම්මා. හිටපු අධිපති හොරා කොමිසමට ඇවිල්ලා, කිසිම දෙයක් කියන්නේ නෑ කියලා ගොං පාට් එකකුත් දාලා සිංගප්පූරුවේ මගුල් ගෙදර ගියා. අරගල හානි වන්දි පූර්ණය නම් ඉතා ඉක්මණින් සහ තක්සේරු මුදලටත් වඩා වෙලා තියෙනවා. ඒ මදිවාට රටේ අතලොස්සක් මෙතැන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.
සූත්තර පුංචා රට නැති කරලාම ගිහිල්ලා වගේ...
මේවාට එකවරම කුපිත නොවිය යුතුයි. ඔවුනුත් මොවුනුත් කරන්නේ එකම දේශපාලනය. පරණ කුණු ඇද ඇද සිටීමම තේරුමක් නැති වැඩක්. මොවුන් ඉන් බලාපොරොත්තු වන්නේ තම දුර්වලතා වසාගෙන තව තවත් කල් බලයේ සිටීමම විය හැකියි.
මේවට දඬුවම් දෙන්න බැරි බව පේනවනේ මොකද ව්‍යව්‍යවස්ථාවෙන් හිමි බලතල, සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් , පැන්ෂන් ගිහින් ඉන්න යාලුවන්ට සළකන්න දාපු කොමිෂන්,