
(අංජුල මහික වීරරත්න)
CameraLK ආයතනය තුන්වන වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කරනු ලැබු “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ එක් විය.
“Image Expo 2023” හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම හා සමාගම්වල නවතම තාක්ෂණය එකම වහලක් යටදි අත්විදීමට වෘත්තිමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡායාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමිවේ.
මෙහිදී සෝනි සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොටගේ යන මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූහ.
සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ප්‍රදානය කළේය.
CameraLK ආයතනය විසින් ජනාධිපති මාධ්‍ය අංශය වෙත අති නවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. Image Expo 2023 ප්‍රදර්ශනය ඊයේ ආරම්භ කෙරුණු අතර එය හෙටින් (15) අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ ප්‍රදර්ශනයක්...