
(අංජුල මහික වීරරත්න)
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද උත්සව සභාව ඇමතීය.
ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ විශේෂ දේශනයක් කළේය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුද, රාජ්‍ය නිලධාරීහු, මහකොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට මොඩල්... ළඟ පිකප්...!