
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ (The Climate Reality Project) නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්විණි.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිවර්තකයි අනවශ්‍ය අපේ ජනාධිපති ....
රටේ මිනිස්සුන්ට සියයට 18ක් ගහලා ඒ සල්ලි වලින් මෙයා ලෝකය වටේ යනවා. අම්මපා ඔයා යද්දී අර දොරවල් ගැලවෙන ප්ලෑන් එකක අයිනේ සීට් එකකවත් ඉඳගෙන යන්නේ නැහැනේ...?
ඒ කාලේ කවුද කිව්වා නේද අපේ ජනාධිපතිතුමා දකිද්දී ලෝක නායකයෝ පුටුවෙන් නැගිටිනවා කියලා? කෝ ඉතින් ඔය යසට ඉඳගෙන ඉන්නේ...? සමහරවිට කවුද කියලා අඳුරගන්න බැරිවෙන්න ඇති...!
අල් ගෝර් මහත්තයා ...බලාගෙන...ඕකා ඔය මහත්තයා දන්නෙම නැතුව ඔය මහත්තයාව විකුණයි...ඕකා දන්නේ එච්චරයි..
තමන්ට අවස්තාව හම්බ වුනු ගමන් ඉහගෙන කාගෙන රට සවාරි යනවා. මේ මිනිස්සුන්ව හම්බවෙලා ආවට අපේ රටට නම් සත පහක වැඩක් නැහැ. රටේ මිනිස්සුන්ගෙන් බදු කියලා හූරන් කාලා සහ පිරිවෙරින් රට සවාරි ගහනවා.
ෆොටෝජෙනික් මහතාණෙනි .....ඒක තමයි... රටට වැඩක් නෑ. ඔබ දන්නා හෝ ප්‍රමුඛ පුද්ගලයින් විසින් හඳුනාගෙන ඇති බව SHOWINF ප්‍රකාශ කරන්නේ පුද්ගලික දෙයක් ......
මේ ඇඳගෙන ඉන්න කෝට් එක බලන්න ප්‍රමාණයට වඩා ලොකු එකක් .මොකද වෙනස දන්නේ නෑ නේ
දැන් ඔය මනුස්සයා හමුවුණා කියලා රටට තියන සෙතේ මොකක්ද? ඉංග්‍රීසි බැරි අපේ සමහර දීන මිනිස්සුන්ට මේවා මැජික්... රටේ බදුසල්ලි ටික නිකන් කාබාසිනියා කරලා දානවා.. ඔය පින් තනතුරෙන් එළියට විසිවුණ දවසක මෙයාව හිරේ දාන්න ඕනෑ මේ කරන විනාශයට... අත්‍යාවශ්‍ය බෙහෙත් නෑ රටේ... දුම්රිය හරස් පාරවල් වල ආරක්ෂක ගේට්ටු නෑ. මෙයා රට වටේ යනවා.