IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති- ඇල් ගෝර් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ (The Climate Reality Project) නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්විණි.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.



අදහස් (9)

ජනපති- ඇල් ගෝර් හමුවෙයි

Lal Tuesday, 16 January 2024 09:28 PM

පරිවර්තකයි අනවශ්‍ය අපේ ජනාධිපති ....

:       4       1

chandima Tuesday, 16 January 2024 10:20 PM

රටේ මිනිස්සුන්ට සියයට 18ක් ගහලා ඒ සල්ලි වලින් මෙයා ලෝකය වටේ යනවා. අම්මපා ඔයා යද්දී අර දොරවල් ගැලවෙන ප්ලෑන් එකක අයිනේ සීට් එකකවත් ඉඳගෙන යන්නේ නැහැනේ...?

:       0       4

chandima Tuesday, 16 January 2024 10:25 PM

ඒ කාලේ කවුද කිව්වා නේද අපේ ජනාධිපතිතුමා දකිද්දී ලෝක නායකයෝ පුටුවෙන් නැගිටිනවා කියලා? කෝ ඉතින් ඔය යසට ඉඳගෙන ඉන්නේ...? සමහරවිට කවුද කියලා අඳුරගන්න බැරිවෙන්න ඇති...!

:       0       1

Rosa Tuesday, 16 January 2024 11:16 PM

අල් ගෝර් මහත්තයා ...බලාගෙන...ඕකා ඔය මහත්තයා දන්නෙම නැතුව ඔය මහත්තයාව විකුණයි...ඕකා දන්නේ එච්චරයි..

:       1       3

චන්දිම Wednesday, 17 January 2024 12:13 AM

තමන්ට අවස්තාව හම්බ වුනු ගමන් ඉහගෙන කාගෙන රට සවාරි යනවා. මේ මිනිස්සුන්ව හම්බවෙලා ආවට අපේ රටට නම් සත පහක වැඩක් නැහැ. රටේ මිනිස්සුන්ගෙන් බදු කියලා හූරන් කාලා සහ පිරිවෙරින් රට සවාරි ගහනවා.

:       2       2

ඩොලර්Wednesday, 17 January 2024 12:24 PM

ඔවු, සත වලින් නෙමෙයි ලාබෙ එන්නේ ඩොලර් වලින්... මෙහෙමත් ගොබ්බයින් ඉන්න රටවල්වලට හරියයිද ඉතින්...

:       1       2

UPALI Wednesday, 17 January 2024 08:53 AM

ෆොටෝජෙනික් මහතාණෙනි .....ඒක තමයි... රටට වැඩක් නෑ. ඔබ දන්නා හෝ ප්‍රමුඛ පුද්ගලයින් විසින් හඳුනාගෙන ඇති බව SHOWINF ප්‍රකාශ කරන්නේ පුද්ගලික දෙයක් ......

:       0       0

wedage Wednesday, 17 January 2024 10:52 AM

මේ ඇඳගෙන ඉන්න කෝට් එක බලන්න ප්‍රමාණයට වඩා ලොකු එකක් .මොකද වෙනස දන්නේ නෑ නේ

:       2       0

Rata Perata Wednesday, 17 January 2024 12:54 PM

දැන් ඔය මනුස්සයා හමුවුණා කියලා රටට තියන සෙතේ මොකක්ද? ඉංග්‍රීසි බැරි අපේ සමහර දීන මිනිස්සුන්ට මේවා මැජික්... රටේ බදුසල්ලි ටික නිකන් කාබාසිනියා කරලා දානවා.. ඔය පින් තනතුරෙන් එළියට විසිවුණ දවසක මෙයාව හිරේ දාන්න ඕනෑ මේ කරන විනාශයට... අත්‍යාවශ්‍ය බෙහෙත් නෑ රටේ... දුම්රිය හරස් පාරවල් වල ආරක්ෂක ගේට්ටු නෑ. මෙයා රට වටේ යනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site