
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රජයේ මේ ප්රශ්නයට මුහුණ දෙන බවද ඔහු සඳහන් කළේය.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්රකාශයක් කරමිනි.
අද රටේ ප්රචණ්ඩත්වය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ප්රචණ්ඩත්වයෙන් ඉවත්වන්නැයි තමා මේ රටේ ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය
මේ මැර දේශපාලනයට ඉඩ නොදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිට ඉල්ලා අස්වීමට කිසිම හේතුවක් නෑ.
ඉතුරුවෙලා තියෙන ටිකත් කාලම තමයි යන්නේ...
හොඳයි එහෙනම්...! පරයෝ තමයි.
ඔව්... කූඩැල්ලෙක් වගේ එල්ලිලා සිටිමින් තවත් විනාශ කරනවා.
උද්දච්චකම ඉහටත් උඩින් ඒ වුණාට ඉන්දියාවේ කඩකාරයින්ටත් ණයයි, කයියයි... විතරයි. මෙයා යුද්ධය කළහැටි හිතාගත හැකිය...
මෙයා තමයි රාජපක්ෂලා වෙනුවෙන් ඉන්නේ... ජනාධිපති නන්දසේන ඉල්ලා අස්වුණේ නැතිනම් එයාට දිගටම ඉන්න වෙන්නේ බංකරයක් ඇතුලේ තමයි.
ඔව්, ගොඩක් හොඳයි. ප්රසිද්ධියේ යන්න එපා... ඔබ සහ ඔබේ නායකයා පසුපස ලුහුබඳීවි...!
අපිත් දන්නවා ඉල්ලා අස්වෙන්නේ නැති බව... ඔයා කිව්වට අපි ළඟදීම 225න් එක කපුටෙක් එල්ලුවාම පාර්ලිමේන්තුව ඉස්සරහ අගේට අස්වෙලා යයි. හොඳද?
සහතික ඇත්ත, 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මොනවටද 1. රාජපක්ෂ ඇතුළු සියලු වැරැදිකරුවන්ගේ උසාවි වල තියෙන නඩු ටික නවත්වන්න. 2. චීනයෙන් ගෙන්වන ලද අඩුම තරමින් කන් හැන්දක් වත් රටට නොගෙන මිලියන ගණනක් වන්දි ගෙවන්න. 3. සීනිබදු වංචා කරලා තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න. 4. අධිවේගී මාර්ග වලින් මිලියන ගණන් කොමිස් ගහන්න. 5. නැනෝ නයිට්රජන් වලින් මිලියන ගණන් කොමිස් ගහන්න. 6. තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න පුළුවන් තරම් කොමිස් ගහන්න ඉඩ දෙන්න 7. පරිසරය තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න හොර රහසේ ලියාදීම 8. රටේ වටිනා මර්මස්ථාන, ඉඩම් කුණු කොල්ලයට විකිණීම... 9. රටේ අනාගත පරම්පරාවට නිදහස්, නිවහල් රටක් නැති කිරීම කියනවා නම් තව ලියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා... ඔව්, 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මේ දේවල් කරන්න ඉතුරු ටිකත් කාලා විනාශ කරලා ගියාට කමක් නෑ. අපි බලාගෙන ඉන්නවා කටාර් වල අපි...