(ඉන්දිකා රාමනායක සහ නාලක දහනායක)
පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමේ සිද්ධිය ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපහස වන අන්දමේ අත් පති‍්‍රකා 600 ට අධික ප්‍රමාණයක් තැපැල් කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් අද (02) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
ඔවුන් ප්‍රබල අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් ඇතුලු තිදෙනකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරුවන් තිදෙනා මෙම ලිපි තොගය තැපැල් කිරීමට මධ්‍යම තැපැල් හුවමාරුවවෙත පැමිණ ඇති අතර එහි පොලිස් මුරපොලේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට මෙම ලිපි තොගය පිළිබඳව සැක සිතී එක් ලිපියක් කඩා පරීක්ෂා කිරීමේ දී මෙම මඩ පති‍්‍රකාව හමුවී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
ජනාධිපතිවරයාට අපහාස වන අන්දමේ අන්තර් ජාලයේ තිබු ප්‍රකාශයක් මොවුන් ඡායා පිටපත් කරගෙන මෙලෙස තැපැල් කිරීමට පැමිණ ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ලිපි මහනුවර ප්‍රදේශයේ විහාරස්ථාන සහ පුද්ගලයන් වෙත තැපැල් කිරීමට නියමිතව තිබු බවද පොලිසිය පවසයි.
කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ උපදෙස් මත කොටුව පොලිස් ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගල ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට අපහස කිරීම ගැන දණ්ඩන නීති සංග්‍රහයේ සඳහාව තිබෙනවද. මම මෙපමණ කලක් සිතුවේ සිවිල් නඩුවක් කියලනෙ. ලංකාවේ ජනාධිපති අධිරජකෙනෙක් වගේනෙ. එසේ නම් ඇමෙරිකාවේ ජනධිපතිට විරුද්ධව පලකරන දෙයට මරණ දඬුවම දෙන්න සිදුවෙනවා.
ස්වයංක්‍රීය ප්‍රතිචාර
මේ මොහොතේ කළ යුත්තේ එකිනෙකාට අපහාස කරගනිමින් පටු වාසි ලබා ගැනීම නොව... එකට එක්වී ත්‍රස්තවාදය පරාජය කරමු...
ගොනෙක්ගේ වැඩක් !!
අප කව්රුත් අපගේ තනතුරු වලට මෙන්ම පුරවැසියන් හැටියට අපගේ පරම යුතුකම අංකව කරන්නේනම් කිසිවෙකු අපට අපහාස නොකරන බව මෙලොව තිබෙන ධර්මතාවයයි. අපගෙන් අපගේ මාතෘ භූමියට වියයුතු යුතුකම් නොකරන්නේ නම් ඔහු හෝ ඇය තනතුරින් සක්රදෙවියෝ උනත් අපහස කර හෝ තනතුරෙන් නෙරපිය යුතුය. එය එම රටේ පුරවැසියන්ගේ වගකීමක් රට විනාශ වීමට පෙර. එයයි අපගේ විස්වාසය. එබැවින් වඩාත් වැදගත් වන්නේ මම ජනාධිපතිද , අගමැතිද, විපක්ෂනායකද යන තනතුර නොව තම තමන්ගේ යුතුකම් අවංකව තමන්ගේ මාතෘ භූමිය ඉදිරියේ සිදු කරන්නේද යන්න නොවේද? හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.. යන සුජාතා අත්තනායක මහත්මියගේ ඒ අර්ථවත් සුන්දර ගීතය මේ සියලුම තනතුරු ලබමින් ජීවිකාව ගෙන යන මහජන නියෝජිතයන්ට නැවත වරක් මතක්කර දෙන්නෙමු.
ගොං කිරි බීපු එකෙක්. ඇත්තට අර ත්රස්තවාදීන්ට අහිංසක මිනිස්සු නැතුව මොවුන්ට තමයි බෝම්බ තියන්න තිබ්බේ...