(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය කනපිට හරවමින් විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්නැයි ආරාධනා කිරීම විහිලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සම්මත කරගත් ඔන්ලයින් පනත යටතේ  ගනු ලබන නීති ක්‍රියාමාර්ග වල කිසිදු  වලංගු භාවයක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ප්‍රථම අත්අඩංගුවට ගැනීම  සිදු වූ කී පීරිස් මහතා මැතිවරණ ඉලක්ක කර ගනිමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා මෙම පනත ආණ්ඩුව විසින් ගෙන ආ බව සඳහන් කළේය.

කොළඹ දී  මාධ්‍ය  හමුවකට සහභාගී වෙමින් මහාචාර්ය පීරිස් මහතා මෙි බව කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩල යෝජනා වලට විපක්ෂයේ යෝජනා ලබා නොගෙන එවා කුණු කූඩයට දැමු බව කී මන්ත්‍රීවරයා රජයේ වංචා දූෂණ තවත් ඉහල ගොස් තිබෙන්නේ යැයි සඳහන් කළේය.